යම් ආවේණික රෝග සඳහා වන ජාන නිලීන තත්වයේ (යටපත් වී) පැවතීමේ සම්භාවිතාවක් ඇත. ලේ නෑයන් අතර විවාහ සිදුවීමේ දී විවාහ වන දෙදෙනා ම තුළ පරම්පරාගත එකම රෝගය සඳහා වූ ජාන නිලීන තත්වයේ පවතී නම්, එඅය දරුවන් තුළ මතු වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඒ නිසා රෝගී දරුවන් ලැබීමේ හැකියාවක් තිබේ. නිරෝගීකම අන්හැම සම්පතක්‌ම අභිබවන නිසා ලේ නෑදෑයන් අතර විවාහ වැළකීම වැදගත්ය.