ආඛ්‍යාත විස්‌තාර යොදා ගැනීම
 

ආඛ්‍යාතවල විස්‌තාර ක්‍රියාවක් තවත් පැහැදිලි කිරීමට යොදා ගැනේ.

රසට උයයි.
බලෙන් අල්ලයි.
මධුර ස්‌වරයෙන් ගායනා කරයි.
ඉහත වාක්‍යවල රසට, බලෙන් හා මධුර ස්‌වරයෙන් යන පද උයයි, අල්ලයි හා ගායනා කරයි යන ආඛ්‍යාතවල විස්‌තාරයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017