බර කිරීමේදී භාවිත වන සම්මත ඒකක ඇත.
ඒවා නම් kg කිලෝග්‍රෑම්, g ග්‍රෑම් , mg මිලිග්‍රෑම් වේ.
1 kg =1000g ඒ අනුව 1g = 1/1000 kg කි
1g=1000mg 1mg = 1/1000 g වේ.
ඒ අනුව, ඉහත සම්බන්ධතා භාවිත කරමින් බර මනිනු ලබන ඒකක එක් ඒකකයකින් තවත් ඒකකයකට පරිවර්ථනය කල හැක.
- 1 kilogram = 1000 grams
- 1 hectogram = 100 grams
- 1 decagram = 10 grams
- 1 gram unit of mass
- 1 decigram = 1/10 gram
- 1 centigram = 1/100 gram
- 1 milligram = 1/1000 gram
උදාහරණ:
2932g, Kg හා g වලින් ප්‍රකාශ කරන්න.
2932g = 2000 g + 932 g
=2 Kg 932g
අභ්‍යාස.
1. හිස්තැන් පුරවන්න.
(1) 2000g = .....kg
(2) 250 mg = .....g
(3) 5425g = ......kg ….g
(4) 4.375kg = .....kg .....g
2. කරත්තයකට 50kg ක් බර සිමෙන්ති කොට්ට 5ක් හා 20kg 250g බර හුණු කොට්ට 10ක් පටවන ලදී.කරත්තයට පටවන ලද බඩුවල මුළු බර කොපමණද?