වාක්‍යක අපේක්‍ෂිතාර්ථය ගැන සැලකිලිමත් වීම
 

වාක්‍යක අපේක්‍ෂිතාර්ථය ගැන සැලකිලිමත් වන්න. එනම් වාක්‍යයක් කියවීමේදී ජනිත වන අර්ථය ගැන සැලකිලිමත් වීමය.

කමණී පංතියට ආවාය. සිසුවිය ඇගේ හිස පීරුවාය.(සිසුවිය පීරුවේ කාගේ හිසද?)
කමණී පංතියට ආවාය. සිසුවිය තමාගේ හිස පීරුවාය.
කමණී පංතියට ආවාය. සිසුවිය කමණීගේ හිස පීරුවාය.

පහත ක්‍රම වලට ලිවීම ගැන විමසිලිමත් වන්න.

කොළඹ සහ මහනුවරින් - කොළඹින් සහ මහනුවරින් විය යුතුය
කඳු හා මිටියාවත් වල - කඳු වල හා මිටියාවත් වල විය යුතුය
කැඳ සහ බතින් - කැඳින් සහ බතින් විය යුතුය

(c) Shilpa Sayura Foundation 2006-2017