දත්ත පරාසය
 


දත්ත පරාසය. Data Range
පරාසය යනු කිසියම් දත්ත සමූහයක විහිදීමයි. එනම් දත්ත සමූහයේ විශාලතම හා කුඩාම අගය අතර අන්තරයයි. දෙන ලද දත්ත සමූහයක අඩුම අගය හා වැඩිම අගය අතර වෙනස දත්ත පරාසය වේ.


ඒ අනුව, 5,7,9 හා 14 යන දත්ත සමූහය ගත්විට
එහි පරාසය වන්නේ (14 – 5) = 9 වේ.


පහත උදාහරණය සලකා බලමු.

ළමුන් 10 දෙනෙකු ගණිතය පරීක්ෂණයකට ලබාගත් ලකුණු පහත දැක්වේ.
39 , 70 , 50 , 82 , 75 , 40 , 29 , 45 , 90 , 54

ළමයින් 10දෙනා අතුරින් ළමයකු ලබාගත්,
අඩුම ලකුණු ගණන = 29
වැඩිම ලකුණු ගණන = 90
ඒ අනුව මෙම ලකුණු 29 සිට 90 දක්වා පැතිර පවතී.
එවිට මෙම දත්ත සමූහය 29 සිට 90 දක්වා පරාසය තුල පැතිර ඇතැයි කියනු ලැබේ.

ලකුණු(දත්ත) සමූහයේ පරාසය = 90 - 29
= 61


අභ්‍යාස.
වෙළඳ සැලක සතියේ දින 7කදි එක්තරා පුවත්පතකින් විකුණනලද පිටපත් සංඛ්‍යාව පහත දැක්වේ.
සඳුදා 18
අඟහරුවාදා 11
බදාදා 13
බ්‍රහස්පතින්දා 15
සිකුරාදා 12
සෙනසුරාදා 16
ඉරිදා 23

මෙම දත්ත සමූහය විසිරී ඇති පරාසය කුමක්ද?

(c) Shilpa Sayura Foundation 2006-2017