පූර්ණ සංඛ්‍යා හා භාග සංඛ්‍යා එකතුවීමෙන් සෑදී ඇති මිශ්‍ර සංඛ්‍යා එකතුකිරීම සලකා බලමු.
පලමුව, 1 ½ යන මිශ්‍ර සංඛ්‍යාව සලකමු.
මෙය 1 + ½ බව මතකයේ තබා ගැනීම ඉතා වැදගත් වන අතර ඒ ඇසුරින් සුළුකිරීම පහසු වේ.
පහත දී ඇති මිශ්‍ර සංඛ්‍යා එකතුකිරීම සලකා බලමු.
1 1/2 + 2 1/3
මෙය ඉහත කී පරිදි ලියූ විට
1 + 1/2 + 2 + 1/3 ලෙස ලිවිය හැක.
එවිට 1 + 2 + 1/2 + 1/3 වේ
=3 + 1/2 + 1/3
දැන් භාග සංඛ්‍යා 2 එකතු කරමු.
මෙහිදී 1/2 හා 1/3 එකම පොදු හරයක් යටතට ගෙන ආ යුතුය.
ඒ සඳහා කුඩා පොදු ගුණාකාරය සෙවීමෙන් හෝ ඔබට පහසු ක්‍රමයක් භාවිත කලහැක.
ඒ අනුව, = 3 + 1/2 + 1/3
= 3 + (1/2) × 3 + (1/3) × 2
= 3+ 3/6 + 2/6
මෙහිදී භාග සංඛ්‍යා 2හි හරයන් මාරුකර ගුණකර පොදු හරයක් යටතට එම භාග සංඛ්‍යා 2 ගෙන ඇත.
ලවය සමාන බැව් භාග සංඛ්‍යා එකතු කිරීම පහසුය.
මේ ආකාරයෙන් ඕනෑම මිශ්‍ර සංඛ්‍යා එකතුකිරීමක් ඔබට පහසුවෙන් විසඳා ගතහැක.
අභ්‍යාස.
සුළු කරන්න.
(1) 2 2/5 + 4/5
(2) 7 1/4 + 6 1/2 + 3 5/8
(3) 1 1/5 + 4/5 + 3 3/10