ශ්‍රී ලාංකේය සංස්‌කෘතියට අනුව සූර්යයා මීන රාශියේ සිට මේශ රාශියට සම්ප්‍රාප්ත වීම, නව වසරක උදාව ලෙස සලකනු ලබයි. මෙම සන්ක්‍රාන්තිය සිදුවන්නේ සෑම වසරකම අප්‍රේල් මස 12,13,14 යන දිනවලින් එක දිනයකදීය. ශ්‍රී ලාංකික සිංහල හා දමිළ ජනයා මෙම අවස්‌තාව අළුත් අවුරුදු උදාව නමින් හැදින්වයි. මෙම අවස්‌තාව ඉතා උත්සවශ්‍රීයෙන් සැමරීම හෙළ ජනයාගේ සිරිතයි.
මේ සමය අවුරුද්දක් ගෙවී අවුරුද්දක් උදාවීමම හේතුවක් කොට ගෙන පවත්වන්නක් පමණක් නොවේ. ඒ සඳහා සාධක වන තවත් විශේෂ කරුණු කිහිපයකි. සමජයේ යහපත් පැවැත්ම සඳහා අවශ්‍ය ගුණ දහම්, සිරිත් විරිත්, සාමය සමාදානය වැනි දෑ අන් කවරදාටත් වඩා උද්යෝගයකින් හා අකුරටම කරණුයේ මෙම අලුත් අවුරුදු සමයේදීය.
අලුත් අවුරුදු සමයේ පිළිපදින දේශීය සිරිත් විරිත්
*. දෙමවුපියන්ට හා වැඩිහිටියන්ට බුලත් දී වැදීම. මෙය අළුත් අවුරුද්දට කතා කිරීම නම් වේ.
*. මේ අවුරුදු චාරිත්‍ර බොහෝවිට ගමේ පන්සල ආශ්‍රිතව සිදුවේ. අලුත් අවුරුදු උදාව සැමට දැනුම් දෙන්නේ, සන්ක්‍රාන්ති නැකතට පන්සලේ ඝණ්‌ඨාව නාද කරමින් හා හේවිසි හොරණෑ වාදනයෙනි.
*. සන්ක්‍රාන්ති නැකතට ගෙදර කිරි උතුරවා, එළඹෙන අවුරුද්දේ සාමය, සතුට, සෞභාග්‍ය ප්‍රාර්ථනා කරයි.
*. අවුරුදු උදාවට ප්‍රථම කෙරන සිරිත් විරිත් අතර පරණ අවුරුද්දට ස්‌නානය, සඳ බැලීම, ආදිය කරණු ලබයි.
*. පරණ අවුරුද්ද ගෙවී අළුත් අවුරුදු උදාව අතර කාලය නොනගතය ලෙස හදුන්වන අතර මේ කාලය තුලදී නිවසේ දෛනික කටයුතු සියල්ල නවතා පුන්‍යමය කටයුතු වල පමණක් යෙදේ. මෙම කාලය නොනගතය හෙවත් පුණ්‍ය කාලය ලෙස හදුන්වයි. සියල්ලෝ පංසල් ගොස් ආගමික වතාවත් වල යෙදෙන්නේ මෙම කාලය අතරතුරය.
*. නොනගතය නිමාවී අලුත් අවුරුද්ද ලැබීමේදී ප්‍රථමයෙන් ලිපගිනි දල්වා, කිරිබතක් පිළියෙල කරනු ලබයි. ගනූදෙනු කිරීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකී රක්‍ෂා බලා පිටත්වීම නිසි නැකැත් අවස්‌තාවන් හීදී සිදු කරනු ලබයි.
අලුත් අවුරුදු සමයේ සංස්‌කෘතික අංග
* රබන් ගැසීම
* ඔංචිලි වාරම් කවි කියමින් ඔංචිල්ලා පැදීම
* පොරපොල් ගැසීම
* පංච කෙලිය
* ලිස්‌සන ගසේ නැගීම
* කොට්‌ට පොරය
* අන් කෙලිය
* කඹ ඇදීම
* කණා මුට්‌ටි ගැසීම
* අලියට ඇස තැබීම
දේශිය රංගන, නර්තන, වාදන, ගායන
* ඔංචිලි වාරම්
* එළුවන් කෑම
* ඔළිඳ කෙලිය
* බංකු රබන් වාදනය