දෙවුන්දර දේවාල පෙරහැර
 
දෙවිනුවර නැතිනමි දෙවුන්දර දේවාලය පහතරට ප්‍රදේශයේ පිහිටි ඉතා ප්‍රකට දේවාලයකි.මෙම දේවාලය දාපූළුසෙන් රජතුමා විසින් කරවා ඇත.දෙවියන් ගොඩ බැස්ස තොට යන අදහසින් මෙම ස්‌ථානයට නම ලැබී ඇත.මෙම දේවාලය උපුල්වන් දේවාලය ලෙස හදුන්වන අතර උපුල්වන් සහා විෂ්ණු එකම දෙවි කෙනෙක්‌ ලෙස පිළිගෙන තිබෙන නිසා මෙම දේවාලය විෂ්ණු දේවාලය ලෙස හදුන්වයි.

මෙම පෙරහැරද ආරමිභ වන්නේද චිරාගත සිරිත් විරිත් වලට අනුව කප් සිටුවිමෙන්ය. ඉන් අනතුරුව දින හතක්‌ පුරා පවත්වනු ලබන පෙරහැර පේළි පෙරහැර ලෙස හදුන්වයි. අවසානයේදි රන්දෝළි පෙරහැර පවත්වනු ලැබේ. සත්වන දිනය අවසානයේ දේවාල භුමියේ  කෝල්මුර  යාගයක්‌ පවත්වා දේව දානය දීමෙන් අනතුරුව මෙම පෙරහැර නිමාවට පත් කරයි.

දෙවුන්දර පෙරහැරේ ඇති විශේෂ ලක්‌ෂණයක්‌ නම් , එහි පහත රට නැටුම් බහුල වශයෙන් දක්‌නට ලැබීමයි.මෙම නැටුම් අතර විවිධ කාන්තා නැටුම් ද ඇතුළත්ව ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017