රත්නපුර මහ සමන් දේවාල පෙරහැර
 

මෙය සමන් දෙවියන්ට උපහාර පිණිස පවත්වන පෙරහැරකි. දඹදෙනි රාජධානිය කොට ගෙන විසූ දෙවැනි පැරකුම්බා රජුගේ "ආර්යතාම" ඇමතියා සබරගමුවේ මැණික්‌ ගැරීමට පැමිණ මැණික්‌ ලැබුනොත් සමන් දෙවිදුට දේවාලයක්‌ කරවන බවට වූ වාරයක්‌ අනුව මැණික්‌ ලැබුණු පසු රජුගේ ද නියමය පරිදි සමන් දේවාලය කළ බවට විශ්වාසයක්‌ පවතී. මේ අනුව සමන් දේවාලය ක්‍රි.ව. 1228 දී පමණ ඉඳිකරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර ඇරඹෙන්නේ නානුමුර මංගල්‍යය නැමති චාරිත්‍රය ඇරඹීමෙන් පසුවය. නානුමරය මංගල්‍ය සඳහා ඇමල්වර්ගවලින් නානු මුට්‌ටියක්‌ සාදා දේවරූප නාවා පිරිසිදු කරනු ලැබේ.
කප් සිටුවා දින 15 ක්‌ මුළුල්ලේ සමන් දේවාලයේ පෙරහැර පවත්වති. පළමු දින 5 කුඹල් පෙරහැර පවත්වයි. ඊළග දින පහේ වීදි පෙරහැර පවත්වයි. අවසන් දින පහේ රන්දෝලි පෙරහැර පවත්වයි. සමන් දේවාල පෙරහැරේ සබරගමු නැටුම් ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ ගනී. ඊට අමතරව උඩරට, පහතරට, හා ගැමි ගැමි නැටුම් දක්‌නට ඇත. මේ පෙරහැරේ සුවිශේෂ අංගයක්‌ වන්නේ මහ බඹා කෝලමයි. මෙය පෙරහැර පෙරටු කොට ගෙන ගමන් කරයි. පෙර රජ දවස සිටම පෙරහැරට එක්‌වූ විශේෂ අංගයක්‌ හැටියට මෙය සඳහන් කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017