ෆාහියන් භික්‍ෂුවගේ දේශ ගවේෂණ වාර්තා වලට අනුව දළදා පෙරහැරට දීර්ඝ ඉතිහාසයක් ඇත. උන් වහන්සේට අනුව අනුරාධපුර මාලිගාව අසළ දළදා මැදුරක් තනවා පොසොන් මාසයේ දී දන්ත ධාතුන් වහන්සේ මහා පෙරහැරින් අභයගිරි විහාරය වැඩම කර බවත් ,පෙරහැර යන මඟ දෙපස පන්සියක් පමණ ජාතක කතා ඇසුරෙන් ඇඳපු චිත්‍ර වලින් සරසා තිබු බව සඳහන් වේ
පොළොන්නරු යුගයේ පළමුවන විජයබාහු රජතුමාද ,මහා පරාක්‍රම බාහු රජතුමා ද පෙරහැර පවත්වා ඇත. මහනුවර රාජධානියේ මුල් කාළයේ කතරගම , නාථ උපුල්වන් (විෂ්ණු),පත්තිනි යන දේවාල සතර මුල් කරගෙන වෙන වෙනම පෙරහැර හතරක් පවත්වා ඇති අතර එම පෙරහැර හතරට දළදා පෙරහැරද එකතු වු පසු මෙම පෙරහැර දළදා පෙරහැර ලෙස හදුන්වයි.
ලංකාව ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ කාළයේදි සිරිලක ආණ්‌ඩු කළ ටොරින්ටන් නැමති ආණ්‌ඩුකාරවරයා විසින් දළදා පෙරහැර තහනම් කරවන ලදී.මෙයට විරුද්ධව රටේ මහා කැරූල්ලක් ඇතිවු අතර එය නවතා දැමීමට යුද්ධ නීතිය පවා දැමීමට සිදුවිය.
මෙම කලා මංගල්‍යය තමන්ට සිතූ ආකාරයෙන් කළ නොහැක්‌කකි.අටවක පොහො දින කප් සිටුවීමෙන් ඇරඹෙන මහනුවර ඇසළ පෙරහැර, පළමු දින පහක කාළයේදි සතර මහා දේවාල පෙරහැර පැවැත්වෙයි.ඉන් පසුව සතර දේවාල පෙරහැර දළදා මාළිගාවට ගොස් දළදා පෙරහැර සමඟ වීදී සංචාරය කරයි. එය පෙරහැරේ දෙවැනි අවස්‌ථාවයි. තුන්වැනි අවස්‌ථාව ලෙස හැදින් විය හැක්‌කේ රන්දෝලි පෙරහැරයි. මෙම පෙරහැර මහත් අති උත්ක්‍ෂර්ෂවත් ලෙස පවත්වයි. මෙහි අවසන් අවස්‌ථාව වන්නේ දිය කැපීමේ උත්සවයයි. ගැටඹේ ගංතොටට පැමිණෙන සතර දේවාලයේ පෙරහැර දිය කපා පසු දින මාලිගාවට හා සතර දේවාලයට පැමිණ පැදකුණු කොට පෙරහැර නිමවෙයි.