හැදින්වීම
 
ශ්‍රී ලාංකේය පෙරහැරක්‌ යනු අප රටට අයත් සංස්‌කෘතික මංගල්‍යයකි. මෙම පෙරහැර සංස්‌කෘතිය ඈත අතීතය සිටම පැවත එන්නකි. මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ කාලය පටන් මෙම පෙරහැර කර්ම පැවත එන්නෙකි. සංඝමිත්තා තෙරණිය ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර පැමිණි අවස්‌ථාවේ කිත්සිරිමෙවන් රජතුමා පංචතූර්ය භාණ්‌ඩ වාදන සහිතව මහා පෙරහැරක් පවත්වා ඇති බවට පුරාවෘත්තයේ සඳහන් වෙයි.

ආගමික උත්සව වලදී පමණක්‌ නොව රජතුමා වීදි සංචාරයේ යෙදුනේද වප් මඟුල් උළෙලයන් හීදිද, අලි ඇතුන් සහිත පෙරහැරකින් ගියේය.

අප රටේ පවත්වන විවිධ ආගමික පෙරහැරවල් කිහිපයක්‌ ඇත.

• නුවර දළදා පෙරහැර
• රත්නපුර සමන් දේවාල පෙරහැර
• දෙවුන්දර දේවාල පෙරහැර
• කතරගම ඇසළ පෙරහැර
• නවගමුව දේවාල පෙරහැර
• සීනිගම දේවාල පෙරහැර
• අලුත් නුවර දේවාල පෙරහැර
• බෙන්තොට ගලතුරුමුල විහාර පෙරහැර
• හැඳල පුරාණ විහාර පෙරහැර
• කැළණි රජමහා පෙරහැර
• බෙල්ලන්විල රජමහා විහාර පෙරහැර
• ගංගාරාම විහාර පෙරහැර

ඉහත සදහන් කර පෙරහැරවල් වසර ගණනාවක්‌ පුරාවටම පැවත එන්නකි.ඉහත සඳහන් කළ පෙරහැර සියල්ලම පාහේ බෞද්ධ ආගමානුකූල පෙරහැරවල් වන අතර, කතෝලික ආගම මෙරටට ආගමනයෙන් ශ්‍රී ලාංකිය සංස්‌කෘතියට එකතු වූ දේවස්‌තාන ආශ්‍රිත පෙරහැර කර්මයන්ද දැකිය හැකිය. වාර්ශික පවත්වන පල්ලියේ මංගල්‍යය හා බැදුනු පෙරහැරකි මේ දේවස්‌තාන පෙරහැර.