ව්‍යාකරණ දෝෂ ගැන උනන්දු වීම
 

ව්‍යාකරණ දෝශ ගැන උනන්දු වීම හොඳ රචකයකුගේ ලක්‍ෂණයි.

ළමයින් සෙල්ලම් කරති (වැරදි)
(ළමයි) සෙල්ලම් (කරති). (හරි)
ළමයින් සෙල්ලම් කරත්. (හරි)

තවුසා බවුන් වඩති (වැරදි)
(තවුසා) බවුන් (වඩයි) (හරි)
(තවුසාණෝ) බවුන් (වඩති). (හරි)

ළමයි පාසල් යන පාරේ සමහරුන් වෙළදාම් කරති. (වැරදි)
ළමයි පාසල් යන පාරේ (සමහරු) වෙළදාම් (කරති). (හරි)

සැම දනෝ අන් ආගමිකයන්ට අගරු නොකළ යුතුය. (වෑරදි)
සැම (දනෝ) අන් ආගමිකයන්ට අගරු නොකළ (යුත්තාහ). (හරි)

හෙතෙම ගුණවතකු හෝ නැණවතකු හෝ නොවේ. (වැරදි)
හෙතෙම ගුණවතෙක්‌ හෝ නැණවතෙක්‌ හෝ නොවේ. (හරි)

 
(c) Shilpa Sayura Foundation 2006-2017