දිශාව
 

යම් සිතියමක්‌ අධ්‍යයනය කිරීම සඳහා එය බැලිය යුත්තේ කවර දිශාවකට අනුරූපවද යන්න තීරණය කරනු ලබන්නේ සිතියමේ පෙන්වා ඇති දිශාව අනුවයි. එබැවින් සිතියමක දිශාව පෙන්නුම් කර තිබීම වැදගත් වන අතර එය පහළ වට තීරුවේ දක්‌වනු ලැබේ. සාමාන්‍යයෙන් සිතියමක දක්‌වන්නේ උතුරු දිශාවයි. මෙය නියම උතුර, චුම්භක උතුර හා ජාල උතුර වශයෙන් කොටස්‌ තුනකින් පෙන්වයි.












 

 

 

 

 

 

 

 

නියම උතුර :- භුගෝලීය උතුර නොහොත් සැබෑ ලෙසද හදුන්වනු ලබන අතර ආදර්ශ පෘථිවි ගෝලයේ උත්තර ධ්‍රැවය පිහිටා ඇති දිශාව මෙමගින් පෙන්නුම් කරයි. තරු ලකුණින් දැක්‌වෙන දිශා රේඛාවෙන් නියම උතුර හදුනාගත හැක.

චුම්බක උතුර :- ශ්‍රී ලංකාවේදී මාලිමා යන්ත්‍රය මගින් උතුරු දිශාව ලබා ගැනීමේදී අංශක 30 ක්‌ ඇලව පිහිටීම දක්‌වයි. එය චුම්බක උතුර හෙවත් කාන්දම් උතුර ලෙස හදුන්වයි. ඊතල මුහුණත් භාගයකින් මෙම දිශාව පෙන්නුම් කරයි. මෙහි සැබෑ උතුර හා චුම්බක උතුර අතර කෝණික පරතරය චුම්බක ක්‍රාන්තිය ලෙස හදුන්වයි.

ජාල උතුර :- සිතියම් ජාලය හෙවත් කොටු දැලෙහි උතුර ජාල උතුර ලෙස හදුන්වයි. මෙය සෘජු සිරස්‌ රේඛාවකින් ඊතලයක ස්‌වරූපයකින් දක්‌වයි.

පිහිටීම :- ශ්‍රී ලංකා 1 : 50,000 භු ලක්‌ෂණ සිතියමේ දිග මීටර 8.64 ක්‌ද පළල මීටර 4.48 ක්‌ද වේ. එපමණ විශාල සිතියමක්‌ පරිහරණය කිරීම අපහසු කාර්යයක්‌ බැවින් මෙම සිතියම කොටස්‌ 92 කට බෙදා තිබේ. ඒ අනුව
1 : 50000 ශ්‍රී ලංකා භු ලක්‌ෂණ සිතියම් කොටසක ඊට යාබදව ඇති සිතියම් දක්‌වන සටහනක්‌ තිබේ. එම සටහන කොටු නවයකින් යුක්‌ත අතර අදාළ සිතියම මැද කොටුවේ දැක්‌වෙන ආකාරයට පෙන්වයි. උදාහරණ වශයෙන් බදුල්ල සිතියමට අනුව යාබද දිශාවන් හි පිහිටි සිතියම් අට මෙම රූපයෙන් පෙන්නුම් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017