උඩරට වට්‌ටම් හැදින්වීම
 



උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් ශාස්‌ත්‍රීය පද කොටසකි. උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වට්‌ටම් ගණනින් සතරකි. ඒ සතර වට්‌ටම් සඳහා ඊට නියමිත වූ පද දොලොහක්‌ හා කස්‌තිරම් දොලහක්‌ හා අඩවු දොලහක්‌ වේ.
 
 උඩරට වට්‌ටම් නටනු ලබන්නේ වටේට යමින් ය. මෙය සාම්ප්‍රදයික වට්‌ටම් නටනු ලබන ක්‍රමයයි. මේ අනුව වටේට යමින් මේ පද නටන නිසා වට්‌ටම් යන නම් ලැබී ඇත.
 
 උඩරට වට්‌ටම් සතර පහත පරිදිය.
 
 1. කුදන්ත ගතදොන් වට්‌ටම
 2. දොන් ජින්ත ගත දොන්ත වට්‌ටම
 3. කුඳ කුජිගත වට්‌ටම
 4. ගො ගො ජින් ජිංගත වට්‌ටම

 
 නර්තනයට පමණක්‌ නොව වාදනයේදීද වට්‌ටම යන පදය ව්‍යවහරයේ පවතී. ( මගුල් බෙර වට්‌ටම් ) "එකිනෙක බැදුනු පද කොටස්‌ සමූහය" යන අරුතද වට්‌ටම යන වචනය අරුත් ගන්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017