සිතියමක මූලික තොරතුරු
 

ශ්‍රී ලංකාවේ මෙට්‍රික්‌ සිතියම්වල අන්තර්ගත කර ඇති මූලික තොරතුරු ප්‍රධාන වශයෙන් කොටස්‌ 2කට වෙන් කොට දැක්‌විය හැක.

1. සිතියමේ මුහුණත තොරතුරු
මෙහිදී සිතියම් මුහුණතේ අදාළ ප්‍රදේශය හා සම්බන්ධ භෞතික හා සංස්‌කෘතික ලක්‌ෂණ අන්තර් ගතකර ඇත. ඒවා අතර සම්මත සලකුණු හා වර්ණ භාවිතයෙන් මංමාවත්, වෘක්‌ෂලතාවන්, පරිපාලන මායිම්, භු විෂමතාවය, ජලවහනය, දුම්රිය මාර්ග, සංචාරක තොරතුරු හා වෙනත් ලක්‌ෂණ යටතේ පොදු ගොඩනැගිලි යනාදිය පෙන්නුම් කෙරේ.


2. සිතියමේ පර්යන්ත තොරතුරු


සිතියම් ප්‍රදේශයේ අන්තර්ගත කොට ඇති තොරතුරු කියවා වටහා ගැනීමට අවශ්‍ය දැනුම එහි දක්‌වා ඇති සලකුණු, හා විස්‌තර පර්යන්ත තොරතුරු ලෙස හැදින්වේ. එහි ඉහළ වට තීරුවේ සිතියමේ නම, සිතියම් වර්ගය, පත්‍ර අංකය සදහන් වන අතර පහළ වට තීරුවේ පරිමාණය, පිහිටීම, සම්මත ලකුණු හා සංකේත, දිශාව, ප්‍රක්‌ෂේපණ වර්ගය යනාදි තොරතුරු රාශියක්‌ දක්‌වා ඇත.

සිතියමක මුහුණත් තොරතුරු හා පර්යන්ත තොරතුරු පිළිබඳ අවබෝධයක්‌ පහත දැක්‌වෙන 1 : 50,000 මෙට්‍රික්‌ සිතියමේ දළ ආකෘතිය අධ්‍යයනය කිරීමෙන් හදුනා ගත හැක.


1: 50,000 මෙට්‍රික්‌ සිතියමක දළ ආකෘතිය



































 


 

මෙට්‍රික්‌ සිතියමක දක්‌වා ඇති පර්යන්ත තොරතුරු මොනවාද ?

නාමය :- සිතයමේ නාමය, සිතියමේ වර්ගය, හා පත්‍ර අංකය යනාදිය සිතියමේ
ඉහළ වට තීරුවේ දැක්‌විය යුතුයි.

උදාහරණ වශයෙන් බදුල්ල සිතියමට අනුව

සිතියමේ නාමය      :- බදුල්ල
සිතියමේ වර්ගය     :- ශ්‍රී ලංකා 1 : 50,000
පත්‍ර අංකය         :- 69


පරිමාණය :- කිසියම් භුමි ප්‍රදේශයක සැබෑ දුර වෙනුවට සිතියමේ දැක්‌වෙන දුරකත් අතර ඇති ප්‍රමාණයට පරිමාණය යයි කියනු ලැබේ. සිතියම් ගත ප්‍රදේශයට ඇතුල්වන සැබෑ විශාලත්වය හදුනා ගැනීමට එම සිතියමේ පරිමාණය දක්‌වා තිබීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ශ්‍රී ලංකාවේ කිරුම් මිණුම් මෙට්‍රික්‌ ක්‍රමයට පරිවර්තනය වීමත් සමඟ 1 : 50,000 පරිමාණයට අනුව ශ්‍රී ලංකාවේ භු ලක්‌ෂණ සිතියම් සකස්‌ කරන ලදී. සිතියමේ පහළ වට තීරුවේ මෙම පරිමාණය ක්‍රම දෙකකට දක්‌වනු ලැබේ.


1. පරිමාණ භාගය


සිතියම් ගත ප්‍රදේශයේ එක ඒකකයක්‌ සැබෑ ප්‍රදේශය කොපමණ සංඛ්‍යාවකට කොටස්‌ විය යුතුද යන්න මෙයින් දැක්‌වේ. එය හරය හා ලවය වශයෙන් භාග සංඛ්‍යාවක්‌ ලෙස හෝ අනුපාතයක්‌ ලෙස දැක්‌විය හැක.


උදා :- භාගයක්‌ ලෙස අනුපාතයක්‌ ලෙස
1 1 : 50,000
----
50000


1 1 : 10,000
-----------
10000


2. රේඛීය පරිමාණය

සිතියමේ පරිමාණයට අනුව තිරස්‌ රේඛාවක්‌ ඒකක කිහිපයකට බෙදා පෙන්වීම. මෙහි මුල් ඒකකය හෝ දෙක තවදුරටත් උප කොටස්‌ වලට බෙදා පෙන්වනු ලැබේ.



(c) Shilpa Sayura Foundation 2006-2017