1 : 50,000 පරිමාණයට අනුව ශ්‍රී ලංකාවේ සිතියමක් ඇඳීමට අවශ්‍ය කඩදාසියේ දිග පළල තීරණය කිරීම සඳහා රටේ උපරිම දිග හා පළල මුලින්ම සොයාගත යුතුය. අප රටේ උපරිම දිග දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වන අතර එය කි.මී. 432කි. කොළබ සිට සංගමන්කන්ද තුඩුව දක්වා උපරිම පළල කි.මී. 224කි. ඒ අනුව සිතියම 1 : 50,000 පරිමාණයට අනුව සකස් කිරීමට දිග සෙන්ටිමීටර 864ක් (432*2) හා පළල සෙ.මී. 448 ක (224*2) ප්‍රමාණයකින් යුත් කඩදාසියක් අවශ්‍යවේ. මෙපමණ විශාල සිතියමක් පරිහරණය කිරීම අපහසු බැවින් ශ්‍රී ලංකා භු ලක්ෂණ සිතියම කොටස් 92කට බෙදා මෙට්‍රික් සිතියම් සකස් කර ඇත. මෙම එක් සිතියම් කොටසක සැබෑ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 1000 වන අතර දිග කිලෝමීටර 40ක් හා පළල කිලෝමීටර 25කි. සිතියම් ගත කොටසක දිග සෙ.මීටර 80ක්ද (40*2) පළල සෙ.මීටර 50ක්ද (25*2) වේ. 1 : 50,000 ශ්‍රී ලංකා භු ලක්ෂණ සිතියම මධ්‍ය ප්‍රමාණයේ සිතියමක් වන අතර සෑම සිතියම් කොටසකම අංකයක් හා නමක් සඳහන් ව ඇත. පහත රූපයෙන් දැක්වෙන්නේ 1 : 50,000 පරිමාණයට අනුව ශ්‍රී ලංකාවේ භු ලක්ෂණ සිතියම කොටස්වලට බෙදා නම් කර ඇති ආකාරයයි.
භු ලක්ෂණ සිතියමක් යනු කුමක්ද ?
භුමියක තිබෙන විස්තර, පිහිටීමේ ස්වභාවය මිනිසුන් විසින් ගොඩ නංවා ඇති අංග දක්වන ලද මධ්‍යම හා විශාල පරිමාණයේ සිතියම් භු ලක්ෂණ සිතියම් වේ.
භු ලක්ෂණ සිතියමක අඩංගු වන තොරතුරු මොනවාද ?
* භුමියේ පිහිටීම (සමෝච්ච රේඛා අනුසාරයෙන්)
* මහමාර්ග හා දුම්රිය මාර්ග ඇතුළු සියලුම වර්ගයේ මාර්ග
* මිනිසා විසින් වගා කරනු ලබන ප්‍රධාන වගා ගෝග හා ස්වභාවික
වෘක්ෂලතා, ගොඩනැගිලි, ජනාවාස හා ගොඩනැගිලි අධික ප්‍රදේශ
* පළාත්, දිස්ත්‍රික්ක, උප දිසාපති කොට්ඨාශ වැනි පරිපාලන මායිම්
* උසාවිය, පොලිසිය, තැපැල් කාර්යාලය, පන්සල වැනි ස්ථානීය නාම
* ජල මාර්ග පද්ධති, ගංගා, ඇළ, වැව වැනි ජලවහනය සම්බන්ධ ලක්ෂණ