පරිමාණය යනු භුමියේ සැබෑ දුර හා ඒ වෙනුවට සිතියමේ දැක්වෙන දුරකත් අතර ඇති ප්‍රමාණයට ය. ශ්‍රී ලංකාවේ මෙට්‍රික් සිතියම් සකස් කර තිබෙන්නේ 1:50,000 පරිමාණයට ය. මෙයින් අදහස් වන්නේ භුමිය මතුපිට යම් ස්ථාන දෙකක් අතර දුර කිලෝමීටර භාගයක් සිතියමේ දැක්වෙන්නේ සෙ.මී. 50,000කි. ඒ අනුව සිතියමේ පරිමාණය සෙන්ටිමීටර 1= සෙන්ටිමීටර 50,000කි. මෙම සිතියම් 1 : 50,000 සිතියම් ලෙස හදුන්වයි.
අඟලේ සිතියම් යනු කුමක්ද ?
යම් භුමි ප්‍රදේශයක සැතපුම් එකක දුර ප්‍රමාණයක් සිතියමක අඟලකින් දක්වා තිබීම අඟලේ සිතියම් ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාවේ මෙට්‍රික් මිණුම් ක්‍රමයට පෙර භාවිතා වූයේ බ්‍රිතාන්‍ය මිණුම් ක්‍රමයයි. එම මිණුම් ක්‍රමය අනුව දුර හා දිග මැනීමේ ඒකකය වූයේ අඟල්, අඩි, යාර, දම්වැල්, බඹ, සැතපුම් යනාදි වශයෙනි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මැණුම් දෙපාර්තමේන්තුව විසින් 1907 දී ශ්‍රී ලංකාවේ භු ලක්ෂණ සිතියම සකස් කිරීම සඳහා පරිමාණය ලෙස යොදා ගනු ලැබුවේ 1 : 63,360ක් වශයෙනි. ඉන් දැක්වෙන්නේ සිතියමේ පරිමාණය අඟල් 1= 63,360ක් ලෙසටයි. එම පරිමාණයට අනුව ශ්‍රී ලංකාවෙ අඟලේ සිතියම සකස් කළ අතර මෙම සිතියම කොටස් 72කින් යුක්ත විය. 1974 අංක 24 දරණ කිරුම් පඬි හා මිණුම් මිමි (සංශෝධන) පණත සම්මත කොට මෙට්‍රික් ක්‍රමය භාවිතා කිරීමට පටන් ගත් පසු 1980 දශකයේ දී අප රට 1 : 50,000 මෙට්‍රික් සිතියම් පිළියෙල කිරීම ආරම්භ වූ අතර ඉන්පසු අඟලේ සිතියම් භාවිතය ඉවත් විය.