සිතියම් වර්ග
 

සිතියම් වර්ග ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදා වර්ගීකරණය කළ හැක.

1. පොදු සිතියම්
2. විශේෂ සිතියම්


පොදු සිතියම් අතර,

* ශ්‍රී ලංකා අඟලේ සිතියම්
* ශ්‍රී ලංකා මෙට්‍රික්‌ සිතියම්
* ඇට්‌ලස්‌ සිතියම්
* බිත්ති සිතියම්


විශේෂ සිතියම් අතර,
* මාර්ග සිතියම්
* ජල සම්පාදනය
* දේශගුණ සිතියම් (උෂ්නත්වය, වර්ෂාපතනය, සුළං, වායු පීඩනය වැනි)
* සංඛ්‍යාත්මක සිතියම
* භු විෂමතා කලාප හෝ වෘක්‌ෂලතාදිය දක්‌වන සිතියම
* නගර සිතියම්
* ඓතිහාසික සිතියම්
* භු විද්‍යාත්මක සිතියම්




සිතියමක මූලිකාංග මොනවාද ?

සිතියමක්‌ සකස්‌ කිරීමේ දී සැලකිය යුතු මූලිකාංග ගණනක්‌ පිළිබඳව යොමු කළ යුතු අතර එහිදී.

* සිතියම් සකස්‌ කිරීමට හේතුව
* සිතියමේ නම
* පරිමාණය
* දිශාව
* සංකේත
* වර්ණ
* සුවිය (යොමුව)
යනාදිය ප්‍රධාන කරුණු වශයෙන් දැක්‌විය හැක (මේ පිළිබඳව විස්‌තරයක්‌ පර්යන්ත තොරතුරු යටතේ දක්‌වා ඇත.)



සිතියමක පෙන්වන විස්‌තර නියෝජනය කරන ආකාර මොනවාද ?


1. ලක්‍ෂිය සංකේත

ඓතිහාසික ස්‌ථාන, තැපැල් කාර්යාලය, බෞද්ධ සිද්ධස්‌ථානය, පොලිස්‌ ස්‌ථානය, උසාවිය, පාසල, සංචාරක බංගලාව යනාදි පොදු ස්‌ථාන අදාළ සංකේත මගින් නිවැරදිව පිහිටි ස්‌ථානයන් නිරූපණය කිරීම.


2. රේඛීය සංකේත


ප්‍රධාන මාර්ග, සෙසු මාර්ග, අඩිපාර, දුම්රිය මාර්ග, ගංගා, වාරි ඇළ, පරිපාලන මායිම්, සමෝච්ච රේඛා වැනි දේ දැක්‌වීමට රේඛීය සංකේත උපයෝගි කරගනී.


3. ක්‍ෂේත්‍රවල සංකේත


වී, තේ, රබර්, පොල් වැනි වගාවන්, වෙනත් ලඳු කැළෑ, වනාන්තර, වඟුරු බිම්, ජලාශ හා ගොඩනැගිලි ඉදිකළ ප්‍රදේශ සිතියම්වල නිරූපණය කරනු ලබන්නේ ක්‍ෂේත්‍රවල සංකේත මගිනි.

(c) Shilpa Sayura Foundation 2006-2017