භු තලය මත ඇති විවිධ වු භු ලක්‌ෂණ හා සංස්‌කෘතික ලක්‌ෂණ සටහන් කර ගැනීමේ ක්‍රම ශිල්පය සිතියම් නිර්මාණයයි. එසේ සකස් කරගත් සටහන සිතියම වේ.
ඒ අනුව පෘථිවියේ භුමි තලය හෝ ඉන් කිසියම් කොටසක් පැතලි තලයක දැක්‌වීම සිතියමක් ලෙස සරලව හැදින්විය හැක.
සිතියමක් යනු කුමක්‌ද? යන්න අර්වින් රේස් නමැති සිතියම් විද්‍යාඥයා මෙසේ හදුන්වයි. "බෙහෙවින් කුඩා යම්කිසි පරිමාණයකට අඳින ලද පෘථිවිය මතුපිට එහි අවකාශය පිළිබඳ වර්ණනාත්මක වුත් සංක්‍ෂිප්ත චිත්‍රයකට ය."