නමස්‌කාර ගාථා
 
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි මහත් භක්‌තියෙන් ගායනා කරනු ලබන ගීත විශෙෂයකි. ශාන්තිකර්ම අවස්‌තාවලදි, සුභ කටයුතු වලදී මෙන්ම බෞද්ධ ආගමික වතාවත්හිදීද ආරම්භක සිරිතක්‌ ලෙස මෙම ගායනා ඉදිරිපත් කරයි.
 
පාලි භාෂාවෙන් රචිත මෙම ගායනා විශේෂය විලම්බ ලයෙන් ගායනා කරනු ලබන අතර ඉතා දීර්ඝ වශයෙන් යති තබමින් ගායනා කරයි. මෙම ගායනාවලින් අසන්නා තුලත් භක්‌තියත්, කරුණාවක්‌ උපදවයි. මෙම ගාතාවන්ට අමතරව නමස්‌කාර කවි විශේෂයක්‌ ද වේ. ශාන්තිකර්ම ආශ්‍රිත ගීත සාහිත්‍යයේදී අපට නමස්‌කාර කවි විශේෂ හමුවේ.
 නමස්‌කාර ගාතාවන්ට උදාහරණ :
 
 මේරුන් විරාජිත සමන් - විය බුද්ධ රාජන්
 ශ්‍රී දන්ත සාගර සමන් - විය ධම්ම රාජන්
 සත්කුල පබ්බත සමන් - විය සංඝ රාජන්
 ශ්‍රී බුද්ධ ධම්ම ගුණ සංඝ - වරම් නමාමි
 
 සම්මා සම්බුද්ධ ඥානේන
 සම්මා සම්බුද්ධ දේශනා
 සම්මා සම්බුද්ධ ලෝකස්‌මින්
 සම්මා සම්බුද්ධ තෙ නමෝ
(c) Shilpa Sayura Foundation 2006-2017