මා ලඟ වී සේරුවක් තබා බුසලක් වත් නැත.(වැරදි )
මා ලඟ වී බුසලක් තබා සේරුවක් වත් නැත. (හරි)
මා ලඟ සේරුවක් නැතිනම් බුසලක් කොහින්ද ? (හරි)
මසුරකු හා දානපතියකුගේ වචන සලකා බලන්න.
"ඔබට වී බුසලක් නොව සේරුවක් දෙමි" යි මසුරා කීය. (හරි)
"ඔබට වී සේරුවක් නොව බුසලක් දෙමි" යි දානපතියා කීය. (හරි)
කුකුළෝ අලියෝ හරක් එළුවෝ වත්තේ සිටිති.
කුකුළෝ එළුවො හරක් අලියෝ වත්තේ සිටිති.
ප්‍රමාණාත්මක ලෙස පද පෙළගැසීම වඩා යෝග්‍යය බව ඔබට පෙනේද ?
"අපට ඇඳුම්වත් කෑමවත් වතුරවත් නොලැබිණි" යි අනාථයෝ කීහ.
"අපට වතුරවත් කෑමවත් ඇඳුම්වත් නොලැබිණි" යි අනාථයෝ කීහ. ලෙසින් යෙදීම වඩා යෝග්‍යය බව ඔබට පෙනේද?