දෙතිත තාල රූපය හැදින්වීම
 
එක්‌ තාල වර්ගයක්‌ තුලදී දෙවරක්‌ තිත වාදනය වන අවස්‌ථාව දෙතිතේ තාල රූපයන් ය. එක තාල වර්ගයක්‌ ඇතුලත මාත්‍රා හතරකට නොඅඩු හා මාත්‍රා 7 කට නොවැඩි මාත්‍රා ගණනක්‌ පිහිටන අවස්‌තාවලදී දෙතිතේ තාල රූපය සැදේ. දෙතිතට අයත් තාල රූප ගණනින් තුනකි
 
 1. මාත්‍රා 2 + 3 තාලය හෙවත් සුළු මැදුම් දෙතිත. මුළු මාත්‍රා සංඛ්‍යව 5 කි
 2. මාත්‍රා 2 + 4 තාලය හෙවත් සුළු මහ දෙතිත. මාත්‍රා සංඛ්‍යව 6 කි
 3 . මාත්‍රා 3 + 4 තාලය හෙවත් මැදුම් මහ දෙතිත . මාත්‍රා සංඛ්‍යව 7 කි.
(c) Shilpa Sayura Foundation 2006-2017