පහතරට නැටුම් කලාවෙන් මෑත භාගයේදී බිහි කළ දක්‍ෂ නැටුම් ශිල්පියෙකි කේ. ඇස්. ප්‍රනාන්දු මහතා. කවියෙක්, ගායකයෙක් මෙන්ම ශාන්ති කර්මයන් හා යන්ත්‍ර මන්ත්‍ර ශිල්පයෙහි හසළ දැනුමක් ඇත්තෙකි.
ගිරිදේවි නැටුම, සුරඹ වල්ලිය වැනි නිර්මාණ නව නිර්මාණ ලෙස කරළියට හදුන්වා දුන්නේ මෙතුමා ය. විනෝදජනක රංගනයක් ලෙස ඉතා ජනප්‍රිය නැටුමක් වන සළුපාලිය වේදිකා රංගනයක් ලෙස පළමු වතාවට ඉදිරිපත් කරන ලද්දේ කේ. ඇස්. ප්‍රනාන්දු මහතා විසිනි.