ආචාර්ය චිත්‍රසේන
 


බටහිර ලෝකයේ සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය විශාල සංඛ්‍යාවක රඟපෑමට අවස්‌ථාව ලත් ආචාර්ය චිත්‍රසේන මහතා උඩරට මෙන්ම ඉන්දියානු නර්තන කලාව පිළිබඳව මනා පළපුරුද්දක්‌ හා දැනුමක් ඇත්තෙකි.


මුද්‍රා නාට්‍ය කලාව දෙස්‌ විදෙස්‌ වේදිකාවට රුගෙන යාමට චිත්‍රසේන මහතා විශාල මෙහෙයක්‌ ඉටු කළ අයෙකි.නල දමයන්ති, රාමායණය, වණ්‌ඩාලි, මුද්‍ර නාට්‍ය ද නෘත්‍යාංජලී වැනි නර්තන ද ලෝකයේ උසස්‌ම නෘත්‍ය ශාලාවක්‌ වන එංගලන්තයේ සැන්ඩල් වේල්ස්‌ හි ප්‍රදර්ශනය කෙට ඇත. කරදිය මුද්‍ර නාට්‍ය මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ඨතම නිර්මාණයක්‌ සේ සැලකිය හැකිය.