ස්‌වර ප්‍රස්‌තාර හා පද ප්‍රස්‌තාර
  යම්කිසි ගායනයක තාලය හා නාද රටාව යන දෙකම හඳුනාගත හැකිවන්නේ ස්‌වර ප්‍රස්‌ථාරක්‌ මගිනි. ස්‌වර ප්‍රස්‌ථාරගත කිරීම නර්තනය විශයේදී හමු නොවන අතර, අපට නර්තන විශයේදී හමුවන්නේ පද ප්‍රස්‌තාර ක්‍රමයකි.
 
 ස්‌වර ප්‍රස්‌තාර ක්‍රමය යොදා ගැනෙන්නේ සංගීතය විශයේදීය. පද ප්‍රස්‌තාර ක්‍රමය බහුලව යොදා ගන්නේ අවනද්ධ පද නමින් හැදින්වෙන බෙරපද ප්‍රස්‌තාර කර දැක්‌වීමේදීය. දේශීය නර්තනය හා බැදුනු ස්‌වර ප්‍රස්‌තාර ක්‍රමයක්‌ නොමැති හෙයින්, ගායනයන් ප්‍රස්‌තාර කර දැක්‌වීම සඳහාද යොදාගන්නේ මෙම පද ප්‍රස්‌තාර ක්‍රමයයි. පද ප්‍රස්‌තාරයක්‌ මගින් පැහැදිලිව හදුනාගත හැකිවන්නේ ගායනයේ හෝ වාදනයේ තාල රූපය පමණකි.
(c) Shilpa Sayura Foundation 2006-2017