මාතෘ වදන් වලට යෝජිත වදන් භාවිතය
 

සමහර මාතෘ වදන් වලට යෝජිත වදන් රසවත් හා සුගම නොවෙති.

අකරාදිය - වදන් කොස්‌ස
ලියුම - පහිනය
කොන්දොස්‌තර- බස්‌ පල්ලා (ගොපල්ලා ලෙස)

කට වහරේ එන ගන්ට, කන්ට, බොන්ට, ගෙහුං ආදී ගාම්‍ය වචන උසස්‌ රචනයේදී භාවිතා නොවන අතර, නවකතා සංවාද ආදිය සඳහා අවශ්‍ය තැන් වල යොදා ගැනීමේ දෝශයක්‌ නම් නැත.

ටිකට්‌ එක , ටෙලිවිශන් එක, කෝල් කරනවා ස්‌ටඩි කරනවා ආදී පර වචන සිංහල රචනයේ දී භාවිතය නිසා රචනය දූශණය වේ. ඒ සඳහා යෙදෙන සිංහල වචන වන අවසර පත්‍රය, රූපවාහිනිය, අමතනවා , පාඩම් කරනවා ආදිය කොතරම් අපූරුද ? වචනයක්‌ නැති විට බල්බය, විකට්‌ටුව ආදී වචන යෙදුන අවස්‌ථාද දැක ගත හැක.

උච්චාරණයේදී දිවට අමාරු කඨෝර පද භාවිතයෙන් වළකින්න. එම වදන් වල සුගම ස්‌වරූපය භාවිතා කිරීම සුදුසුය.

සුරා ධුර්ත - සුරා සොඬ, බේබදු
ස්‌ත්‍රී ධුර්ත - ස්‌ත්‍රී සොඬ, සළෙළු, ස්‌ත්‍රී ලෝල
අක්‌ඛ ධුර්ත - සූදුකාර

(c) Shilpa Sayura Foundation 2006-2017