වාක්‍ය දෝශ ගැන සැලකිලිමත් වන්න.
වාක්‍යක් ලිවීමට පෙර ඉන් ජනිත වන අදහස තීරණය කිරීම ඉතා වැදගති. එවිට වාක්‍යය ගැලපීම හා ප්‍රති නිර්මාණය පහසුවෙයි. වාක්‍යය ලියා නැවත එය කියවා නියම අදහස ජනිත වනවාදැයි සලකා බැලීම කළ යුතුය. නැවත ලිවීමෙන් වාක්‍යන් නිවැරදි වන බව සලකන්න.
වියත් රචනයට අක්ෂර වින්‍යාසය ඉතා වැදගත්ය. අක්ෂර වින්‍යාසය මතක තබාගන්නවාට වඩා හුරුවෙන් කළ යුතු දෙයකි.
මම එළදෙනට තණ දමද්දී වසුපැටියා තන පුඩුවේ එල්ලී සිටියේය.
මෙහි තණ හා තන යන පද නියමාකාරයට යෙදීම නිසා අදහස පැහැදිලිය. ඒවා ස්ථාන මාරු කර බලන්න අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වේ.
ගොවියා එළදෙනුන්ට තණ මිලදී ගති.
තවුසාණෝ කුස තණ අට මිටක් ලදි.
ගොනා කල බින්දේය.
ගොනා කළ බින්දේය. යන්න වැරදිය.
සඟ ගණ සඟ ගන ලෙස ලිවීම වැරදිය.