සෑම මිනුමක් සමඟ ම එයට සම්බන්ධ ව එමෙන් ම එයට ආවේණික දෝෂ ද පවතී. සමහර දෝෂවල බලපෑම ප්රතිකර්ම යෙදීම මගින් අවම කර ගත හැකි නමුත්, සමහර දෝෂ වැළැක්විය නොහැක. මෙසේ වැළැක්විය නොහැකි දෝෂ හඳුනා ගැනීමත් ඒ සඳහා ශෝධන ඉදිරිපත් කිරීමත් බිම් මැනුමේ දී සිදු වේ. බොහෝ විට මෙම ශෝධන සඳහා ඒවායේ ස්වභාවය අනුව ගණිත සමීකරණ හඳුන්වා දී ඇත.