චීනයේ සුයි හා ටැං රාජවංශයන්
 


5වන සියවසේ සිට 8 වන සියවස දක්වා මොනගෝලියන්වරු බටහිර දෙසට ව්‍යප්ත වූ අතර අටිලාහි හුන්වරු එහි පෙරමුණ ගත්හ. ඔවුන් කෙතරම් ව්‍යාප්ත වූවා කිවහොත් ෆින්ලන්තය, එස්තෝනියාව, හන්ගේරියාව හා බලගේරියාවට ගියහ. තුර්කි බසට ආඅසන්න බසක් කථාකළ ඔවුන් එඬේරුන් වූහ.

මධ්‍යම ආසියාවේ විවිධ අධිරාජ්‍යවල තුර්කිවරු සේවය කළ අතර පාතියන්වරුන්ගේ බලය අවසානව මොන්ගෝලියන්වරු බලවත්ව සියෝය. මේ වන විට හැන් අධිරාජ්‍යය බිඳ වැටුනු අතර හුන්වරු යලි බලවත් වූහ. චීනය සුයි රාජවංශය යටතේ නැවත බලවත් වූ අතර 7 වන හා 8වන සියවසේ බලවත්ම අධිරාජ්‍යය වූයේ චීනයයි.

චීනයේ බුද්ධිමය සංවර්ධනය ඇතිවූ අතර කාව්‍ය හා කලාත්මක දියුණුවක්ද ඇති විය. බුදු දහමින් චීන සමාජය ඔප් නැංවුණු අතර තාක්‍ෂණික දියුණුව ප්‍රධාන විය. චීනයේ තේ භාවිතයද , මුද්‍රණයද ඇරඹුණි.

ටැන් රාජවංශයේ ටායි සුං ක්‍රි.ව 627 දී නිනේවාහි බලය අල්ලා ගත් හෙරාක්ලියස් සමග තානාපති සම්බන්ධතා ගොඩනගා ගති. ක්‍රි.ව. 635 දී ක්‍රිස්තියානි පූජක පිරිසක් චීනයට ගිය අතර ටායි සුං ඔවුනට පල්ලියක් ගොඩනැගීමට අවසර දුනි. ක්‍රි.ව. 628දී මහමද්තුමාගේ පණිවිඩ කරුවන් වෙතින් ඉස්ලාම් ආගම චීනයට පැමිණි අතර ටායි සුං ඔවුනටද පල්ලියක් ගොඩනැගීමට අවසර දුන්නේය.

අටවන ශත වර්ෂයේදී ටැන් බලය පිරිහුන අතර බලයට පත්වූ සොං රාජ වංශය චීනය එක් සේසත් කර දියුණුවට කටයුතු කළෝය. ඔවුන් ඉතා ක්‍රියාකාරී මධ්‍යගත පාලන ක්‍රමයක්‌ ඇතිකළ අතර ප්‍රාදේශීය යුධ නායකයින් වෙනුවට රාජ්‍ය නිළධාරීන් පත් කළෝය.

 



 

 



 

 

 

 

 

සොං රාජ වංශය චීන නගර දියුණු කිරීම මෙන්ම අධ්‍යාපනය, වෙළඳාම, කර්මාන්ත හා මුහුදු වෙළදාම ශක්තිමත් කළහ. ඔවුන් චීනයේ සංස්කෘතික දියුණුවට මුල පිරූ අතර චීන ජාතිකයා ජාත්‍යන්තර මිනිසකු බවට පෙරළීමට කටයුතු යෙදුවෝය. කොන්ෆියුසියන් මූලධර්ම මත ඔවුනගේ සමාජය හැඩ ගැහිණි.



මේ කාලයේ බිහිවූ චීන දාර්ශනික ස්හූ සි (1130-1200) විසින් බුදුදහම, කොන්ෆියුසියන් දහම, ටාවෝ දහම සහ අනිකුත් අදහස් කැටිකොට ඉදිරිපත් කළ දර්ශනය චීනයේ සමාජය ගොඩනැගීමට මහත්සේ උපකාරී විය. ඔහුගේ දර්ශනයේ දේශපාලන, සමාජීය හා සංස්කෘතික අංග ඇතුලත් වූ අතර සියලු සමාජීය කොටස් අතර එකිනෙකා සතු අයිතිවාසිකම් හා අනෙකා කෙරෙහි වගකීම් එනම් පාලකයාගෙන් ජනතාවට, පියාගෙන් පුතාට, සැමියාගෙන් බිරිඳට ආදී වශයෙන් සඳහන් විය. 19 වන ශත වර්ෂය දක්වා චීන සමාජ සංවර්ධනයට හේතු වූ මෙම දර්ශනය පසුව කොරියාව, වියට්නාමය හා ජපානයටද ව්‍යාප්ත විය.

 

 




(c) Shilpa Sayura Foundation 2006-2017