ග්‍රීක භාෂාව කතාකළ රෝමයේ නැගෙනහිර කොටස ප්‍රථමයෙන්ම බිඳවැටුනු අතර කොන්ස්තන්තිනොපලය කොල්ල කැමට ලක්විණි. නුබියන්වරු නයිල්ගඟ දිගේ විත් මිසරය කොල්ල කෑහ. ඇලෙක්සැන්ඩ්‍රියාව පොදු වෙළඳ පලක් වූයෙන් ආරක්ෂා විණි. මධ්‍යම ආසියාව සාසනිඩ් පර්සියන්වරු අතට පත්විය.
හයවන ශතවර්ශයේදී ජස්ටිනියන් අධිරාජ්‍යා යටතේ ග්‍රීක බලය නැවත නැගිණි. ජස්ටිනියන් උතුරු අප්‍රිකාව නැවත වැනඩාල් වරු පරදවා අල්ලාගත් අතර ඉතාලියේ වැඩි කොටසක් ගොත්වරුන්ගෙන්ද, ස්පාඤ්ඤයේ දකුණු දිගද අල්ලාගති. හමුදා හා නාවුක බලය පමණක් නොව ඔහු විශ්ව විද්‍යාලයක්ද ගෝඩ නැගීය, ස්ටා නම් විශාල පල්ලිය ගොඩ නැඟූ අතර රෝම නීතිය ලියා ස්ථාපනය කළේය. නමුත් ඔහුගේ විශ්ව විද්‍යාලයට එරෙහි අදහස් ප්‍රකාශ කරන ප්ලේටෝ විසින් පිහිටවූ වසර දහසකට වඩා පැරණි ඇතැන්ස්හි දර්ශනය පිළිබඳ පාසල වසා දැමිණි.
ඔහු විසින් ගොඩනැගූ අධිරාජ්‍යය බයිසෙන්ටයින් අධිරාජ්‍ය ලෙස හැඳින්විණි. එහි ප්‍රධාන හතුරා වූයේ පර්සියානුවන් ගොඩ නැගූ සාසනිඩ් අධිරාජ්‍යයයි. මෙම අධිරාජ්‍ය දෙකම ආගමික අධිරාජ්‍ය වූ අතර නිදහස් චින්තනය වැළලී ගියේය. ක්‍රිස්තියානි භක්තිකයන් කොන්සතන්තිනොපලයේදී ඝාතනය වීය. අධිරාජ්‍ය දෙකම ඳේශ සීමා හා එකිනෙකාගේ නගර අල්ලා ගැනීමේ යුද්ධ වල පැටලුනහ.
ඒ සමඟම බොඩුවින් එඬේර නායකයකු වූ මොහොමඩ් කාන්තාරයේ මදිනා නම් නගරයක සිට එකම හා සත්‍ය දෙවියකු පිළිබඳව නව ආගමික දර්ශනයක් ඉගැන්වීමට විය.