රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීම
 

තුන්වන ශත වර්ශය වනවිට රෝමය සමාජීය වශයෙන් පරිහානියකට ලක්වී තිබුණු අතර නැගෙනහිරින් හා බටහිරින් නොර්ඩික් බාබේරික කොල්ලකෑම් වලට නිතර ලක්විය. බලය විවිධ හමුදා නායකයින් අතර බෙදී තිබීමෙන් ඒකීය පරිපාලන ක්‍රමය බිඳ වැටුණි. අධිරාජ්‍යයේ ප්‍රධාන නගරයද කලින් කලට යුද ප්‍රතිපත්ති මත වෙනස් වුණි. රෝම නගරය දිරා යමින් තිබූ අතර අධිරාජ්‍යයෝ තම ලීජන කෙරේ විශ්වාසය තැබූහ. එයින් ජනතාව සමග සම්බන්ධතා බිඳ වැටුණු අතර පැරණි පර්සියාවේ මෙන් රාජ ක්‍රමයකට තල්ලු වීය.

ඩියෝක්ලිට්යන් නම් අධිරාජ්‍යයා ඔටුන්නක් පැළද ආසියාතික රජකුසේ වස්ත්‍රාබරණ පැළදියේය.

රයින් හා ඩැනියුබ් පෙරමුණු වලට ප්‍රහාර එල්ල කරන ෆ්‍රෑන්ක්ස් ආදී ජර්මානු ගෝත්‍රකයෝද , හන්ගේරියාවේ වැන්ඩල්වරුන්ද, ගොතික්වරුන්ද , රුසියාව දෙසින් ආ ඇලන්වරුන්ද, මොන්ගෝලියන් ආක්‍රමණ නිසා බටහිරට එන මධ්‍යම ආසියානු ගෝත්‍රද උතුරින් හා නැගෙනහිරින් රෝම අධිරාජ්‍යයට අභියෝග කළහ. කොන්සටයින් අධිරාජ්‍යයාගේ මරණින් පසුව ඔහු විසින් පිහිටවූ කොනස්තන්තුනෝපල් නගරය විසිගොත් ජාතිය විසින් ආක්‍රමණය කරණ ලදි.

ක්‍රි.ව.379 සිට 395 දක්වා අධිරාජ්‍යය කළ තියඩෝසියස්ගේ කාලයේ රෝම අධිරාජ්‍යය ආරක්‍ෂා කරගැනීමේ මහත් සටන් සිදුවූ අතර රෝමය දිරාපත් වුවද සම්පූර්ණයෙන් බිඳ නොවැටිනි. ඔහුගෙන් පසුව ඔහුගේ අදක්‍ෂ පුතුන් දෙදෙනා වන ආකාඩියස් කොන්ස්තන්තිනෝපලයද, ස්ටිලිචෝ ඉතාලියේ හොනෝරියස්ද පාලනය කළහ. ඔවුන් රූකඩ කුමාරවරුන් බඳු වූ අතර අභිමානවත් රෝමය බිහිකළ දුර්වලම පාලකයෝද වූහ.

මේ අතර අලාරික් නම් ගොතික් නායකයකු ඉතාලිය ආක්‍රමණය කළ අතර ඉතා පහසුවෙන් ක්‍රි.ව. 410 දී රෝමය අල්ලා ගති.

මේ අනුව පාලන කේන්ද්‍රයක් නොමැතිවූ රෝම අධිරාජ්‍යය බිඳ වැටුනු අතර එක් එක් ප්‍රදේශවල තිබූ රෝම දේශිය ජනතාවගෙන් සැදුමි ලත් රෝම අධිකාරිය තමන් ගෙන ආ පාලනය ස්වාධීනව ගෙන යන්නට උත්සුක වූහ. සමහර නගර බාබේරියන්වරුන්ට අයත් විණි. සමහර නගර සම්පූර්ණයෙන්ම ගිනිබත්වී විනාශ විණි. රෝම අධිරාජ්‍යය පුරා මෙය සිදුවුණි.

ජර්මානු හා ස්ලැවෝනොයික ගෝත්‍ර තමන්ගේ නගර ගොඩනගා ගත් අතර වැන්ඩාල් වරු නැගෙනහිර ජර්මනිය වාසය කොටගත්හ. ඉන් කොටසක් ස්පාඤ්ඤයට ගිය අතර පසුව ඔවුන් උතුරු අප්‍රිකාව ආක්‍රමණය කළෝය. ක්‍රි.ව. 439 දී කාතේජය අල්ලා ගත් වැන්ඩල් වරු මහා නැවි හමුදාවක් ගොඩ නැගූහ. ඉතාලිය අක්‍රමණය කල වැන්ඩල්වරු ගොතික් නායක අලාරික්ගෙන් රෝමය අල්ලාගන හා පසුව සිසිලිය හා අවට දූපත්වල බලයද අල්ලා ගත්තෝය.

මේ අනුව ඔවුන් පැරණි කාතේජියානුවන් මෙන් මධ්‍යධරණීය ආශ්‍රිතව අති විශාල මුහුදු රාජ්‍යයක් ගොඩ නැගූහ. එය කෙතෙක් බලවත් වීද යත්නම් ක්‍රි.ව. 477 වන විට ඔවුන්ගේ බලය ජස්ටිනියන් 1 රජු යටතේ කොන්තන්තිනෝපල් දක්වා විහිදුණි.









1.What was the origin of the barbarian invasions?

Fifty years before Jesus Christ was born, far away in the East, the "migration of nations" had its origin. The Chinese Empire expelled a people known as the Huns, who turned to the West and conquered the nations along the way, scattering them as they moved forward. These scattered nations in turn conquered other nations. Within 500 years the face of Europe was changed.

2. What happened to the once mighty Roman Empire of the west?

The Roman Empire of the West fell before the invading nations in the year 475 and the barbarian Goths, Franks, Vandals, Sueves, Lombards, Saxons, and various German tribes established new states on the ruins. When the invasions were over, only a small territory remained, in the vicinity of Constantinople, of what was once the proud Roman Empire. All of the Western world was composed of new nations. There was a Lombard kingdom in Italy, a Gothic kingdom Spain, a Frankish kingdom in Gaul, and seven Anglo-Saxon kingdoms in Britain.

The Barbarians had a culture of their own, but not as advanced as that of the Romans or Greeks. They were more like tribes than nations. While these peoples had warriors, most of the tribes were agricultural and pastoral. The barbarians' tribes, which formed the new nations, had high ideals of personal liberty. The barbarians were loyal to their tribe, to their relatives. 

 

(c) Shilpa Sayura Foundation 2006-2017