යේසුස් වහන්සේ පහළ වීම
 

යේසුස් නම් ළදරුවා ජුදාවේ ඉපදෙන විට රෝම අධිරාජ්‍යයා වූයේ ඔගස්ටස් සීසර්ය. ඔහු රෝමානුවන්ට තැලී පෙලී සිටි යුදෙවි ජාතිකයෙකි. ළමා කාලය ගැන තොරතුරු නැතත් ඔහු අනාගත වෘකතෘන් කෙනකු ලෙස වයස 30 දී ජුදාවට නැවත ආවේ තිබේරියස් සීසර්ගේ කාළයේය.

ඔහු ගෝලයන් සතර දෙනකු සමග මිනිසුන්ට ඉගැන්වමින් ඇවිද්දේය. දුප්පතකු වූ යේසුස් දුප්පතුන් අතර ජීවත් වෙමින් ලෝකය මැවූ ස්වර්ගයේ වාසය කරමින් ලොව බලන එකම දෙවි පියාණන් කෙනකුන් ගැන සරළ වූ සංකල්පයක් දේශනා කළේය. තමන් දෙවියන්ගේ පුත්‍රයා යයි ප්‍රකාශ කළ ඔහු සියළු දේ සර්ව බලධාරී දෙවියන්ගේ කැමැත්ත පරිදි සිදුවේ යයි පැවසීය. ඔහු වට දුක්ඛිත පිරිස් රැස්වීය. ඔහුගේ ආදරය හා කරුණාව අති ප්‍රභල වූ අතර ඔහු දුබලයන් හා දුක්ඛිතයන් සුවපත් කල බවද කියවේ.


යේසුස් වහන්සේ දෙසූ ධර්මය ක්‍රිස්තු ධර්මය නම් වීය. එය මෙතුවක් තිබුණූ බිලි පූජා ආදිය පිරි භෞතික ධර්ම වලට අභියෝගයක් එල්ල කළේය. දහස් ගණන් දුප්පතුන් ඔහු වටා රොක්වූ අතර මිනිසුන් ඔහු යුදෙව්වන්ගේ රජු ලෙස හඳුන්වන්නට පටන් ගති. මේ නිසා කලබල වූ රොමානු අධිකාරිය විසින් ජනයාගේ මනස විකෘති කරන්නේ යයි චෝදනා කර යෙසුස් වහන්සේ කුරුසියකට තබා ඇණ ගසන ලදි.




ඉන් පසුව ඔහුගේ ගෝලයෝ ක්‍රිස්තු ධර්මය දේශනා කරමින් විවිධ අත ගිය අතර මිනිස් ජීවිත වල නව ප්‍රවණතාවක් සිදු කිරීමට සමත් විය. ව්ශ්ව සංකල්පයක් වූ කිතු දහම එවකට පැවති වහල් ක්‍රමය, පුද්ගලික ධනය, මිනිසුන් පෙළීම, යුද්ධය පිළිකෙවි කළ අතර මිනිසුන් අතර සාමය, සහෝදරත්වය හා ආදරයද අගය කළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017