වසර දෙසීයක් සමෘද්ධිමත් වූ රෝමය ඔගස්ටස් සීසර්ගෙන් පසුව වසර දෙසීයේදී ක්‍රමයෙන් අවුල් වී බිඳ වැටෙන්නට විය. එම සමෘද්ධිමත් කාලයේ සාමාන්‍ය ජනතා ජීවිතය අද පවතින සමාජය කරා එන්නට හැඩ ගැසුණි.
කාසි භාවිතය හා මිනිසුන්ගේ නිදහස් භාවය කැපී පෙනෙණ ලක්‍ෂණය. මිනිසුන් නිදහසේ චාරිකා කළ අතර ප්‍රධාන පාරවල්ද සංචාරක නිවාසද බොහෝ විය. ඊට පෙර තම ප්‍රදේශයට පමණක් සීමාවූ මිනිසා දුර ගමන් යන්නට පටන් ගති. නෝමැඩ් වරුන් අත තිබූ වෙළදාම අන් අය අතට ගියේය.
රෝම හා චීන අධිරාජ්‍යයන් තුල අදමෙන්ම වෙනස් ජාතීන් හා සංස්කෘතීන්ද වීය. ලතින් භාෂාවට වඩා ග්‍රීක භාෂාව විලාසිතාවක් වූ අතර මිනිසුන් තම තමන්ගේ දෙවියන් ඇදහූහ. රෝමයට බ්‍රිතාන්‍යය වැනි උතුරින් හා බටහිරින් පිහිටි ප්‍රදේශ ලතින්කරණය වූ අතර රෝමානු සංස්කෘතිය වැද්ද ගති. රුමේනියාව, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ලතින් භාෂාව හා සිර්ත් අනුවර්ථනය කරගත් අතර වයඹදිග අප්‍රිකාවද ලතින්කරණය වීය.
රෝමයේ පවා ග්‍රීක බස උගතුන්ගේ හා මහත්වරුන්ගේ බස වූ අතර ග්‍රීක සංස්කෘතිය ඉහළ ගණයේ ලා සැළකිනි. කෘෂිකර්මය ප්‍රධාන කර්මාන්තය වූ අතර මුලිම රෝමයේ නිදහස් ගොවියන්ගේ ස්ථානය පියුනික් යුදිධයෙන් පසුව වහල් වතු වැඩකරුවන්ට හිමිවිය. සෑම නිදහස් පුරවැසියකුම ගොවිතැනේ යෙදුනු අතර ස්පාටා හි වහලුන් නොවන්නෝ ගොවිතැන් කිරීම අවමානයක් ලෙස සළකන ලදි.
උපතින්ම වහලුන් වූ අය වැඩි වූ අතර ඔවුන් විවිධ භාෂා කථා කළහ. ඔවුනට ශ්‍රමය වෙනුවට වැටුප් නොලැබුන අතර සම්ප්‍රදායක් හෝ අයිතීන් නොතිබිණි. ඔවුන්ට බුද්ධිමත් වීමට හෝ ඉගැනීමට අවස්ථා නොතිබූ අතර අති විශාල ජනකායක් ලෙස මහජාතියක් වන්නට හැකි වූ නමුත් කිසි දිනක සාර්ථක කැරැල්ලක් ඇති නොවුණි.
ග්ලැඩියේටර්වරු නම් සටනට පුරුදු කළ ස්පාටකස් නම් වහල් නායකයාගේ නායකත්වයෙන් ප්‍රථම ශත වර්ශයේදී වහල් කැරැල්ල නිසා රෝම අධිරාජ්‍යය අවමානයට ලක්වූ අතර වහලුන් ඊට එකතුවීම වැලැක්වීමට රාත්‍රියේ දං වැල් ලා හිස භූගාන ලදි.
ඔවුන්ගේ ස්වාමිවරුන්ට වහලුන් මරා දැමීමට හෝ විකිණිමටද හිංසා පැමිණවීමටද අයිතිය තිබිණි. එක් වහලෙක් වරදක් කළ විට සියළුම වහලුන්ට කුරුසියේ ඇණ ගැසීම වැනි දඬුවම්ද පැමිණවුනි.
වහල් ක්‍රමය රෝමය ගොඩනැගීමට මහත් ආධාරයක් වූ අතර පාරවල්, ගොඩනැගිලි තැනීමේ පමණක් නොව නගර අලංකාර හා පවිත්‍ර කිරීමද ඔවුන් අතුන් කෙරුණි. ගෘහ සේවකයෝ වූ වහලුන් තරමක් නිදහස් වූ බව සිතිය හැක.
බොහෝ පුරවැසියන් නිදහස් වූවද ඉතා දුප්පත් විණි. පොහොසතුන් නගර වල සුඛෝපභෝගී ජීවිත ගත කළෝය. ඔවුන් වෙළඳුන්, රාජ්‍ය සේවකයින්, යුද නායකයින් හෝ වංශාධික බුද්ධිමතුන් වූහ. සමහර දුප්පතුන් වේතන මත වංශාධිපතිවරුන්ට හා හමුදාවටද සේවය කළහ. ඔවුන් විවිධ ශිල්පීන්, පණිවිඩකාර හා රාජකාරී වල යෙදුණි. සමහර වහලුන්ට ස්වාමීන් විසින් වැටුප් හා නිවාසද ලබා දුන් අවස්ථා තිබිණි.
පියුනික් යුද්ධයේදී වහළුන් යුද්ධය සඳහාද යෙදවුණු අතර ඔවුන්ට හමුදාවේ පහළම ස්ථානය හිමිවුණි. වහළුන් සටනට පුරුදු කර තම ජීවිතයේ අවසානය දකින තුරු සටන් කරන ග්ලැඩියේටර් නම විශේෂයක් බිහිවූ අතර වලාකාර ක්‍රීඩා භූමියක වූ එම සටන් නැරඹීම විලාසිතාවක් විය. වහලුන් කුස ගින්නේ තැබූ සිංහයින්,ව්‍යාග්‍රයන් වැනි වල්සතුන් හා සටන් කිරීමට විකිණිමද ධනවතුන්ගේ පුරුද්දක් වීය.
රෝමයේ ධනවතුන් තමන්ගේම ග්ලැඩියේටර බලකායක් තබාගත් අතර ඔවුන් ධනවතාගේ ආරක්‍ෂයන් ලෙසද යොදවා ගති. සමහර වහලුන් උගත් වූ අතර ඔවුන් රෝමය පරාජය කළ රටවලින් අල්ලාගත් උගතුන් වූහ. ඔවුන් රෝමානු දරුවන්ට අධ්‍යාපනය දීමටද, ගිණුම් හා පොත් පත් තැබීමටද, හා පුස්ථකාල ආදිය පාලනයටද යෙදවිණි. මෙම වහලුන් අතර සියළුම ග්‍රීක, පර්සියානු ආදී සියළුම ජාතීන් විය. වහලුන් පුහුණු කර විකිණු අතර ඔවුන් පොත් පිටපත් කරන්නන්, ආභරණ සදන්නන් වැනි ශිල්ප ගණනාවකට පුහුණු කෙරිණි.
කාලයක් ගතවන විට සමාජීය මානව ලක්‍ෂණ දියූණු වීමත්, නීතිය දියුණු වීමත් හා වහලුන්ට අභිමානයෙන් හා හොඳින් සැලකීමෙන් ලාභ වැඩිකරගත හැකියයි සිතු නිසාත් රෝමන්වරුනගේ වහල් ආකල්ප වෙනස් වීය. නීතිය විසින් කෲර දඬුවම් තහනම් කරන ලද අතර වහලුන් වල්සතුන් සමග සටන් කරවීමද තහනම් විණි. වහලුන්ට ඉඩම් අයිතිකර ගැනීමට ඉඩ සැලසුනු අතර, වැටුප් ලබාගැනීමටද ඉඩ ලැබුණු අතර ඔවුන්ගේ විවාහද නීතියෙන් පිළිගන්නා ලදි. සමහර ප්‍රදේශවල වහලුන් ස්වාමියාට අර්ධ සේවයක් කරමින් ඉතිරි කාලය තමන්ගේම වැඩට හෝ වෙනත් තැනක වැටුපකට වැඩ කළහ. ඔවුන්ට සමහරවිටෙක තමන් ඉපයූ දේ වලින් කොටසක් තම ස්වාමියාට දීමටද සිදුවිය. සෑම කල්හිම ඔවුන් ගණනින් විශාල වුවද කුඩා ජාතියක් වූහ. රෝමයේ දියුණුව ඔවන් අතින් සිදුවූවද එහි ප්‍රතිලාභ ඔවුනට හිමි නොවීය. කළාව, දර්ශනය, විද්‍යාව ආදී ශාස්ත්‍ර ඉගනීමට ඔවුනට පාසැල් නොවීය. සැමදා දුප්පතුන් වූ වහලුන්ගෙන් ශ්‍රමය හා ලේ හැර වෙනත් කිසිවක් රෝමයේ දියුණුවට එක් නොවිණි.
රෝමයේ නිදහස් පුරවැසියන් වූ දුප්පතුන්ද අති විශාල ගණනක් වූවද ඔවුනටද හිමිවී තිබූණේ අන්ත දුක්ඛිත ජීවිතයක්ය. ණය බරින් මිරිකීම නිසා ගොවි බිම් විකිණීමට සිදුවීම වරින් වර සිද්ධවූ නෝර්ඩික් මංකොල්ලකෑම්ද ලෙඩ දුක්ද ඔවුන් පරිහානියට පත්විණි. ජනතා කවුන්සලයක් ලෙස වර්ග හැතපුම් විස්සක නිදහස් ගොවීන්ගේ නගරයක් ලෙස ආරමිභ වූ රෝමය අධිරාජ්‍යය නව ධනවතුන් හා රදළයින් විසින් පාලනය කළ අතර මෙකළ වන විට එම මුල් ගොවි පුරවැසියන්ගේ නිදහස් බව හැර අන් සෑම දෙයක්ම නැතිවී තිබිණි.
ඔගස්ටස් සීසර්ගෙන් පසුව කිසිම අධිරාජ්‍යයෙක් රෝම ජනයාගේ ප්‍රශ්න විසඳීම හෝ ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට යමක් නොකළ බව කියැවේ. යමි හෙටකින් රෝමය තමන් ලබාගත් ආධ්‍යයය රෝම ජනතාව දියුණු කිරීමට හා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කරවීමට යෙදවීනම් හෝ මුල් කාලයේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ලක්‍ෂණ තම පාලනයට යොදා ගත්තේ නම් ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි.
මේ සමඟම රෝම අධිකාරිය යටතේ ඇතන්ස් නගරයද, ඇලෙක්සැන්ඩ්‍රියාවද දිරාපත් වූ අතර රෝම වැසියන්ගේ ධීරභාවය හා ජීව ගුණයන්ද හා අධ්‍යාත්මික ලක්‍ෂණද දිරාපත් වෙමින් තිබුණි.