ක්‍රි.පූ. 2 වන හා තුන්වන ශත වර්ෂයන් වලදී නැගෙනහිර හා බටහිට පාලන බලවේග වූයේ රෝම හා චීන අධිරාජ්‍යන්ය. රෝමය යුප්‍රටීස් ප්‍රදේශය දක්වා බලය පතුරවා තිබුණු අතර චීනය ටිබැටය හා බටහිර ටර්කිස්තානය දක්වාද අල්ලාගෙන සිටියේය. මෙසපොතේමියාව තව දුරටත් වැදගත් ස්ථානයක් නොවූ අතර ඊජිප්තුව සරුසාර හා සෞභාග්‍යමත් රාජ්‍යයක් විණි. එහෙත් ඔවුන් බලවත් රටක් නොවූහ.
රෝම හා චීන අධිරාජ්‍යයන් දෙක අතර පිහිටි පැරණි පර්සියානු අධිරාජ්‍ය හා ඊට අයත්වූ ඉන්දීය ප්‍රදේශ බිඳ වැටී නව නායකයන් අතට පත්වී තිබිණි. පාලන කේන්ද්‍රවල දුරස්ථ භාවය නිසා අධිරාජ්‍යයන් පුළුල් වීම නවතින්නට ඇති අතර පැරණි සේද මාර්ගය හරහා සහ රතු මුහුද හරහා ඉන්දියාව දක්වු නෞකා ගමනාගමනයෙන් වෙළඳාම සිදු විණි.
උතුරේ බාබේරික ගෝත්‍ර විසින් බලය පතුරුවාගෙන සිටි අතර ජර්මනිය හා රුසියාවේ වැඩ් ප්‍රමාණයක් වනාන්තර වීය. ආසියාවේ කඳුකර වලින් උතුරේ ස්ටෙප්ස් තෘණ භූමියද, කාන්තාරද සමඟ හිමෙන් වැසුණු ප්‍රදේශද විය. ආසියදවේ නැගෙනහිර මැන්චූරියාව අධික වර්ශාපතනය නිසා මිනිස් වාසයෙන්ට නුසුදුසු විය. ජර්මානු කැලෑ සිට රුසියා ව දක්වා ආර්ය බස කථා කළ නෝර්ඩික් වාසීන් සිටියහ. මොවුන් තුර්කිය, මෙසපොතේමියාව, දකුණු මධ්‍යධරණීය හා මොන්ගෝලියාව ආදී දකුණු හා නැගෙනහිර ප්‍රදේශ දෙසට සංක්‍රමණය වෙමින් නිරතුරුවම නව ජනපද නිර්මාණය කළහ. ඊට හේතුව උතුරේ ජනගහණය වැඩිවීම නිසා තෘණ ආදිය හිඟවීමද, සතුන්ට ඇතිවූ ලෙඩ රෝගද විය හැක.
චීන ජනගහනය වැඩිවු අතර මොනිගෝලියාවේ සිචියන් වර්ගයක් වූ පාතියන්වරු අධිරාජ්‍යය දෙකේම දුර්වල ස්ථානවල මංකොල්ල කෑමේ යෙදුනහ. ඔවුන් ක්‍රි.පූ. 1 දී යුප්‍රටීස් ප්‍රදේශයට පැමිණ පොම්පේගේ රෝම සේනාව සමග සටන් වැතුනු අතර ක්රේසස් පරාජය කර ඔහු මරා දැම්මෝය. පසුව ඔවුන් පර්සියානු අධිරාජ්‍යය අල්ලාගෙන අර්සාසිඩ් රජ වංශය බිහි කළහ.
කයිබර් දුර්ගය හරහා ඉන්දියාවටද කඩා වැදුණු පාර්තියානුවෝ පන්ජාබය කොල්ල කා විනාශ කර කාලයක් උතුරු ඉන්දියාවේ කොටසක්ද පාලනය කළහ.
පස්වන ශතවර්ශයේ බොහෝ කාලයක් උතුරින් ආ එප්තලයිට්ස් එනම් සුදු හන් ජාතීන්ගෙන් උතුරු ඉන්දියාවට මහත් දුක් පැමිණිනි. ඔවුන් අස්වනු නළවන වසන්ත සෘතුවේ බටහිර ටර්කිස්තානයෙන්ද, සරත් සෘතුවේ කයිබර් දුර්ගය හරහාද මංකොල්ල කෑමට ආහ. එහෙත් ඉන්දියානු කුමාර වරුන්ගේ කුඩා සේනාංක තම ප්‍රදේශ ආරක්‍ෂා කළහ.
දෙවන ශතවර්ශයේ බාබේරියන් ප්‍රහාර නිසා චීන හා රෝම අධිරාජ්‍යය දෙකම දුර්වල වීය.
වසර එකොලහක් පමණ පැවති මහාමාරිය වැනි වසංගත නිසා පාලන කටයුතු දුර්වල වූ අතර හැන් රාජ වංශය බිඳ වැටුණි.
හත්වන ශතවර්ශයේ ටැන් රාජ වංශය බලයට එනතෙක් තෙක් චීනය නැවත ශක්තිමත් නොවිණි.
මහාමාරිය ක්‍රි.ව. 164 - 180 කාලයේ රෝම අධිරාජ්‍යට පැමිණි අතර රෝම අධිරාජ්‍යයේ නිර්මිතිය දුර්වල වී හා ජනගහණය සීග්‍ර ලෙසද අඩුවී පාලනයද දුර්වල වීය.
ඒ අතරම ස්වීඩනයෙන් පැමිණි නව නොර්ඩික් - ගොතික් ජාතීන් රුසියාව තරණය කර වොල්ගා ප්‍රදේශයටද ඉන් අනතුරුව කළු මුහුදේ මුහුදු කොල්ලකාරයන් වූහ. හන් ජාතිකයෝද බටහිරට පැමිණෙන්නට පටන් ගත් අතර ඔවුන් ක්‍රි.ව. 247 දී ඩැනියුබ් ගඟ තරණය කර සර්බියාවේ අධිරාජ්‍යයා වූ ඩෙසියස් මරා දමා නගර කොල්ල කෑහ.
ක්‍රි.පූ. 236 දී ෆ්‍රෑන්ක්ස් නම් තවත් ජර්මානු ජාතියක් දකුණු රයින් නදී ප්‍රදේශයෙන් රෝමයට අයත්වූ ගෝල් ප්‍රදේශය ආක්‍රමණය කළහ. ඔවුන් රෝම ලීජන විසින් පරාජය කළද ගොතික් වරු නැවත නැවත බෝල්කන් ප්‍රදේශය කොල්ල කෑහ. මේ නිසා ඩසියා නම් රෝම ජනපදය ඉතිහාසයෙන් මැකිණි.
මෙවැනි කාරණා නිසා වසර තුන්සීයක් තිස්සේ ඉතා සවිමත්ව තැනූ රෝම නගරයද අනාරක්‍ෂිත තත්වයක් උදාවුණි.