රෝම අධිරාජ්‍යයේ බල අරගල
 

රෝම නීතියට අනුව හමුදා නායකයකුට තම හමුද බලප්‍රදේශයෙන් පිට ගෙන යාම තහනම් වේ. නමුත් සීසර් තම හමුදා රැගෙන ඉතාලියේ රූබිකොන් නගරයට පැමිණ පොම්පේට විරුද්ධව ආවේය. එවකට අඥාදායකයා ලෙසින් කටයුතු කළ පොම්පේ මරාදමනු ලදුව ක්‍රි.පූ 45 දී සීසර් රෝමයේ නව අඥාදායකයා ලෙස පත් කෙරුණි.

සීසර්ට රජවන ලෙස ආරාධනා ලැබුණත් ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය. නමුත් ඔහු ඔටුන්නක් හා ජය කොන්තයක් භාවිතා කළේය. සීසර් ඊජිප්තුවට ගිය විට ටොලමිගෙන් පැවතගෙන එන සුරූපී ඊජිප්තු රැජින හා විවාහ වීය. ඊජිප්තුවේ වාසය කළ කාලයේ සීසර්ට දෙවියකු හා රජකු මෙන් සැලකූ අතර කිසිදිනයක පැරදිය නොහැකි දෙවියා යනුවෙන් නම් කළ ඔහුගේ පිළිරුවක් ඊජිප්තුවේ දේවාලයක තබන ලදි.

මේ ගැන රෝමය කළකිරුණු අතර සීසර් රෝමයට ගෙන්වා කුමන්ත්‍රණයක් කර පිහිවලින් ඇණ සෙනේට් සභාවේදීම බෲටස් ඇතුළු පිරිසක් විසින් ක්‍රි.පූ. දී මරා දමන ලදි.



පසුව සිදුවූ බල අරගල වලින් මාක් ඇන්තනි නම් සීසර්ගේ දෙවැනියා රෝමයේ ආඥාදායක වූ අතර පසුව ඔහු පැරදවූ සීසර්ගේ මුණුබුරු ඔක්ටේවියන් ක්‍රි.පූ 31 දී බලය ලබාගති.

ඔක්ටේවියන් බුද්ධිමත් පාලකයකු වූ අතර ඔහු සෙනේටයේ හා රෝම ජනතාවගේ නිදහස ඇති කළේය. ඔහු ආඥාදායකයා වීම ප්‍රතික්‍ෂේප කළ අතර ඔක්ටේවුයන් රජු වෙනුවට ඔහුට ඔගස්ටස් සීසර් යන නාමය පුදන ලදි. ඔහු රෝමයේ ප්‍රථම අධිරාජ්‍යයා (ක්‍රි.පූ 27- ක්‍රි.පූ 14) ලෙස සැලකේ.

ඔහුට පසුව තිබේරියස් සීසර්ද (ක්‍රි.පූ. 14 - ක්‍රි.පූ. 37), කැලිගියුලා, ක්ලෝඩියස්, නීරෝ ආදී අධිරාජ්‍යයන් පත්වූහ. ක්‍රමයෙන් රෝම සෙනේටය අහෝසි වී ගිය අතර අධ්රාජ්‍යා සහ පරිපාලන නිළධාරීන් එම කටයුත්ත කළහ. රෝමයේ සීමා පළල් වූ අතර බ්‍රීතාන්‍යයේ කොටසක්ද ඊට අයිති විය. ක්‍රි.ව 117 පමණ වනවිට රෝම අධිරාජ්‍යයේ පුළුල් වීම නතර විය.

(c) Shilpa Sayura Foundation 2006-2017