ආරමිභයේ රෝමයේ සිටියේ ගොවීන් පමණකි. තම දේපළ ආරක්‍ෂා කරගැනීමට ඔවුන් වරප්‍රසාදයක් හා වගකීමක් ලෙස යුද සේවාවේද යෙදුනහ. පසුව ඇතිවුන පියුනික් යුද වලට සහභාගී වීම නිසා ඔවුනගේ වතු පාළු වූ අතර ණය බරින්ද මිරිකුණි.
වහලුන් නිසා අධිරාජ්‍යයේ විශාල ගොවි බිම් දියුණු වීම නිසා තමන්ගේ නිශ්පාදන වලට මිලක් ලබාගැනීම අපහසු විය. මේ නිසා ඔවුන් පොහොසත් ණය දෙන්නන්ගේ ග්‍රහණයට අසුවූ අතර රාජ්‍ය පාලනයේ තමන්ට ස්ථානයක් ලබාගැනීමට රෝමානු සොල්දාදුවෝ සහ ගොවියෝ අරගල කළහ.
ඔවුනගේ වන්ද බලයේ ශක්තිය පියුනික් යුදයෙන් පසුව හීන වූ අතර රෝම සමූහාණ්ඩුව පැතිරී ගොසිණි. එහි ප්‍රධානම පාලන බලය වූයේ සෙනේට් සභාවටයි. එය වැඩිහරියක් පැට්රිකන් වරුන් වූ අතර සමාජයේ විවිධ බලවතුන්ද වීය. ඊට ඉහල රාජ්‍ය නිළධාරීන්, කොන්සල් වරුන්ද වීය. එය රෝමානු චිනිතනයේ කේන්ද්‍රය හා මොළය වූ අතර සියළු වැදගත් තීරණ එහිදී ගැනීණි. මුල පටන් එය සියළු රෝම වැසියන්ගේ සභාව ලෙස අර්ථ දක්වන ලදි. අධිරාජ්‍යයේ පුළුල් වද්දී රෝමයේ පුරවැසිභාවයද වැඩුණු අතර සෑම දෙනකුටම සහභාගී වීමට නුපූළුවන් විය. සභාවට නියෝජිතයන් එවිමේ ක්‍රමයක්ද නොතිබූ හෙයින් සෙනේටය පොහොසත් පුරවැසි කොට්ඨාශයකට සීමා විණි.
රෝමයේ සාමාන්‍ය ජනයා ඉතා දුප්පත් වූ අතර දෙවන පියුනික් යුද්ධයෙන් පසුව තත්වය තචත් දරුණු වීය. සාමාන්‍ය ජනතාවට තම ගොවිබිම් ගත් ණයට හිලව් වූ අතර, වහලුන් යෙදවුනු විශාල ගොවිබිම් හා තරඟ කර ගොවිතැන් කර නිසි මිලක් ලබාගැනීමටද නොහැකි විය. තමන්ගේ දේශපාලන බලයද අධිරාජ්‍ය විශාල වීම නිසා දියවී ගිය අතර අරගලයක් කිරීමට යොමුවිය.
ක්‍රි.පූ 73 දී රෝමයේ සිවිල් යුද්ධයක් හටගත් අතර විශාල ගොවිබිම් කඩා ගොවියන්ට ලබාදීම, ණය අහෝසි කිරීම යනාදිය ඉල්ලීම් විය. මේ අතරම ඉතාලියේ වහලුන්ද, සටනට පුහුණුකළ ග්ලැඩියේටර් නම් මරණය දක්වා සටන් කරන්නන්ද ස්පාටකස් නම් වහල් නායකයකු යටතේ සටනක් පටන් ගති. වසර දෙකක් ස්පාටකස් විසුවියස් ගිනිකන්ද අවට ප්‍රදේශය අල්ලාගන සිටි අතර රෝමානුවෝ කෲර ලෙස ක්‍රියා කරමින් කැරැල්ල මැඩ පැවැත්වා හයදාහක් වහලුන් කුරුසියට තබා ඇණ ගසා මැරෙන්නට හැරියහ.
මේ අනුව සාමාන්‍ය ජනතාව පොහොසත් රෝමානුවනිගේ අතකොළුවක් වූ අතර හමුදා බලයෙන් සියලු බලවේග මැඬ පැවැත්විණි.
මුලදී නිදහස් ගොවියන්ගෙන් සැදුම් ලත් රෝම හමුදාව පසුව පඩි ලබන හමුදාවක් බවට පරිවර්ථනය වූ අතර එහි නොයෙක් ජාතීන් සේවය කළහ. රෝමය විසින් නගර යටත් කර ගැනීමේදී යටත් වූ හමුදා නායකයන් හා බලඇණි ලීජන් නම් ස්වාධීන රෝමයෙන් වැටුප් ලබන බල ඇණි බවට පත් කෙරුණි.
පොම්පේ
ස්පාටකස් පරාජය කළ පසු නැගූණු හමුදා නායකයින් අතර ලුසුලස්, පොම්පේ, ක්‍රේසස් හා ජුලියස් සීසර්ද වැදගත් වේ.
ක්‍රේසස් ස්පාටකස් පරාජය කළ අතර, ලුසිලස් මධ්‍යම ආසියාව ජයගති. පසුව ආමේනියාව ආක්‍රමණය කර මහා පෝසතෙක් විය. පසුව පර්සියාව ආක්‍රමණය කරද්දී පරාජයට පත්ව පාතියන් වරුන් විසින් මරාදමන ලදි.
පොම්පේ හා ජූලියස් සීසර් වෛරක්කාරයන් වූ අතර ක්‍රි.පූ 48 දී ඊජිප්තුවේදී ජූලියස් සීසර් විසින් මරාදමන ලදි. මේ අනුව ජූලියස් සීසර් රෝමයේ බලවත්ම හමුදා නායකයා වීය.
ජුලියස් සීසර්
ජුලියස් සීසර් ගෝල්හි හමුදා නායකයා ලෙස මහත් ප්‍රසාදයක් දිනා ගත් අතර ප්‍රංශය, බෙල්ජුයම ඔහුගේ යටතේ වීය. ජර්මනියේ ආක්‍රමණයක් පළවා හැරි ජූලියස් සීසර් රෝමානු අධිරාජ්‍යය පුළුල් කළේය. ඔහු ක්‍රි.පූ 55 හා 54 දී දෙවරක් ඉංග්‍රීසි ඕඩය තරණය කර එංගලන්තයද ආක්‍රමණය කළේය. මේ අතර පොම්පේ කැස්පියන් මුහුද අවට රෝමයේ නැගෙනහිර පෙදෙස අල්ලාගත්තේය.
මේ කාලය වනවිට රෝමානු සෙනේටය රාජ්‍ය පාලනයේ කේන්ද්‍රය වීය. අල්ලාගත් නගරවලට රෝමානු කොන්සල් වරුන් හා අනිකුත් නිළධාරීන් පත්කිරීම, බලය ලාබාදීම ඉන් කෙරුණි. පෙරමෙන් රෝම ජනතාවගේ නිදහස පිළිබඳව කතාකරනු වෙනුවට ඔවුන් සිත යොමු කළේ හමුදා යෙදවීම, යුද්ධය හා හමුදා ලීජන පාලනයටයි. මේ අනුව හමුදා නායකයින් බෙදී සිටිය අතර බල අරගල හා කුමන්ත්‍රණද තිබිණි.