රෝමය ක්‍රි.පූ 1 -2 ශත වර්ෂ වලදී බටහිර ලෝකය අත්පත් කරගෙන තිබූ අතර ආසියාවටද ඇතුලු වී තිබිණි. එය නගර රැසක් එක්වූ සමූහාණ්ඩුවක් වූ අතර සෑම තැනකම සිටියේ විවිධ ජාතීන්ට අයත් වුවද රෝම පුරවැසියෝය. ග්‍රීසියද එම ක්‍රමයම අනුගමනය කළද, රෝමයේ නැගීම ඊට වඩා ස්ථායී හා දීර්ඝ කාලීන විය.
අධිරාජ්‍යයේ මධ්‍යයේ වූයේ රෝමය වූ අතර බටහිරින් ස්පාඤ්ඤය හා මොරොක්කෝවයි, මෙසපොතේමියාව හා ඊජිප්තුව දකුණින් විය. කෙසේ වෙතති රෝමානුවන්ට මධ්‍යම ආසියාව හා පර්සියාව රඳවා තබාගැනීමට අපහසු වූයේ පාලන මධ්‍යස්ථානයෙන් ඊට තිබූ දුර වැඩි නිසාය.
රෝම අධිරාජ්‍යය පුරා අළුත් නෝර්ඩික් ආර්ය බස කථාකරන මිනිසුන් පැතිර ගිය අතර ග්‍රීකයෝ ඊට අන්තර්ග්‍රහණය වීය. මීට පෙර අධිරාජ්‍ය වලට වඩා රෝම අධිරාජ්‍යය පාලනයේ ක්‍රමවත් වූ අතර වෙනත් පාලකයන් මෙන් බැබිලෝනිකරණය, පර්සියානුකරණය හෝ ඊජිප්තුකරණය වනවාට වඩා රෝමානුවෝ ඔවුන්ගේ පාලන ක්‍රමය එම නගර වල ක්‍රියාත්මක කළහ.
රෝමානුවන් දෙවොල් සෑදු මුත් ඊට වහල් නොවුන බව පෙනේ. පූජකයෝ හා රාජ්‍ය පාලනයේ බලය වෙනස් අන්ත වීය. ඔවුන් සතුන් මෙන්ම මිනුසුන්ද බිලිපූජා කළ බව කියැවේ. රෝමය ඉතා වේගයෙන් වෙනස් වූ අතර විවිධ පරිපාලන ක්‍රම අත්හදා බැලූ අතර අවසානයේ රෝම අධිරාජ්‍යද කඩා හැලුණි. ඔවුන් අභිමානවත් වූ අතරම කෲර වූවෝය.
රෝම අධිරාජ්‍යයේ වර්ධනය අවස්ථා හතරකදී වූයේ යයි සිතිය හැක. ප්‍රථම නැගීම ක්‍රි.පූ. 240 දී ඇතිවූ ප්‍රථම පියුනික් යුද්ධයයි. ඉන් පැට්රිකන් හා ප්ලෙබියන් වරු සමගි වී එත්රස්කන්වරු පරාජය කර ජනරජයක් පිහිටුවාගත්හ.
මේ කාලයේ රෝමය වර්ග සැතපුම් 20 ක රාජ්‍යයක් විය. දෙවන හා තෙවන පියුනික් යුද්ධ වලින් පසුව ඔවුන් මුළු මහත් මධ්‍යධරණීයම පාලනය කළහ. ඉන් අනතුරුව මධ්‍යම ආසියාව, ඊජිප්තුව හා අප්‍රිකාවද, ස්පාඤ්ඤය හා ජර්මනි යද යුරෝපයේ සෑහෙන ප්‍රදේශයක්ද, එංගලන්න්තයේ කොටසක්ද රෝමානු පාලනයට යටත් විණි. ලතින් භාෂාව, කතෝලික ආගම, රෝම නීතිය, පාලන ක්‍රමය හා අධ්‍යාපනය හා රෝම දැනුම එම රටවල් ඇඳ බැඳ තබන බන්ධනය වූ අතර එය යුධ බලයකට වඩා ශක්තිමත් වීය.
රෝමය වර්ධනය වද්දී යටත්වූ නගරවලට රෝම ජනරජයේ චන්ද බලය හා රාජ්‍ය පාලන කටයුතු වලට සහභාගී වීමේ අවස්ථාව ලබාදුන් අතර, සමහර නගර වලට ස්වයං පාලන අයිතිය ලබා දුනි. යුදමය වශයෙන් වැදගත් උපක්‍රමික ස්ථානවල පුරවැසි සේනා ගොඩනැගූ අතර නව ජනපද බිහිකෙරිණි. ඉතා හොඳ පාරවල් තැනීමෙන් සන්නිවේදනය, ප්‍රවාහනය, වෙළදාම හා පාලනය ශක්තිමත් විය. සීඝ්‍ර ලෙස ඉතාලිය ලතින්කරණය වූ අතර මුලු මහත් රෝම අධිරාජ්‍යම එකම නගරයක් ලෙස විහිදුණි.
ක්‍රි.පූ. 212 දී සියළුම නිදහස් මිනිසුන්ට පුරවැසිභාවය හා චන්ද බලය හිමිවූ අතර රෝම නගරයේ රැස්වීම් වලට පැමිණ චන්දය ලබාදීමටද හිමිකම් තිබුණි.
සිසිලිය ආක්‍රමණයයෙන් පසු එය රොමයේ දේපලක් බවට තීරණය කළ ඔවුන් අන් නගර වලට වඩා වෙනස් ප්‍රතිපත්තියක් සිසිලිය කෙරෙහි දැක්වූ බව පෙනේ. ඊට හේතුව සිසිලියේ සරුසාරවත් බව හා එහි ධනවත්කම යයි සිතිය හැක. යුද්ධ වලින් මහත් වහලුන් ගණනක් රෝමයට ගෙන ආ අතර මහා පරිමාණ කෘෂිකර්මය හා වෙළඳාම දියුණු වී රෝමය පොහොසත් වීය.