රෝමය යෙරුසලම අල්ලා ගැනීම
 

වසර 500 ක් පමණ දියුණු වූ සිමැටික් නගර හා රටවල් අතර රෝම ආධිපත්‍යයෙන් නිදහස් වූ එකම කුඩා රටක් තිබිණි. එය තමන්ගේම පාලන ක්‍රමයක සිටි ජුදා වයි. (Judea). එය මැකාබියන් කුමරෙකු විසින් පාලනය කළ අතර බයිබලය ලිවීම අවසානව තිබිණි. යුදෙවි ජාතීන් වාසය කළ මෙම නගරය රෝමානුවන්ගෙන් බැට කෑ කාතේජියානු හා ෆිනිසියානු වැනි වැසියන්ට පොදු ස්ථානයක්ද වීය. යුදෙවිවෝ යුදවාදී ජාතියක් නොවුණු අතර වෙළඳාමේ හා බැංකු කටයුතු වලට ශූරයෝ වූහ.


ජුදා ආගමේ කේන්ද්‍රය වූ යෙරුසලම ක්‍රී.පූ 65 දී රෝමානුවන් විසින් අත් කරගත් අතර එහි ක්‍රි.පූ 70 දී ඇතිවූ කැරැල්ලකින් පසුව එහි යුදෙවි සිද්ධස්ථානය විනාශ කෙරුණි. රෝම දෙවි ජුපිටර් වෙනුවෙන් දෙවොලක් එහි ගොඩ නැගුණු අතර යුදෙවිවන්ට නගරය තහනම් විය.



ජුපිටර් දෙවොල

(c) Shilpa Sayura Foundation 2006-2017