වසර 56 ක් රෝමය හා කාතේජය අතර සාමය පැවතුනි. මේ අතර රෝමය ව්‍යාකූලව හා බෙදීසිටි ග්‍රීසියට තම අධිරාජ්‍යය විහිදවූයේය. ඔවුන් මධ්‍යම ආසියාව ආක්‍රමණය කළ අතර ලිඩියාහි බලයද ලබාගති. රෝමයේ පුරවැසි සංකල්පය මත ඔවුන් අල්ලා ගන්නා සෑම නගරවල වැසියන්ට රෝම පුරවැසිභාවය ප්‍රධානය කළ අතර, එම නගර රෝමයෙන් ආරක්ෂාවන නගර බවට පත් විණි. ඊජිප්තවද රෝමයේ භාරයට
පත්විණි.
මේ අතර කාතේජය රෝමයට යටත්ව සිටියද නැවත දියුණු වෙමින් පැවතිණි. මෙය රෝමානුවන් නොරිස්සූ අතර ක්‍රි.පූ. 149 B.C. දී බොරු ආරවුලක් සාදාගන කාතේජයට පහර දුන්හ. කාතේජය මහ මගට බැස දරුණු ලෙස ප්රතිරෝධනය කළ හෙයින් රෝමානුවෝ දින හයකදී ලක්ෂ 2 ක කාර්තේජියානුවෝ මරා දැමූහ. ඉතිරිවූ කාතේජියානුවෝ පනස්දහසක් වහලුන් ලෙස විකිණු අතර කාතේජයට ගිනිතබා විනාශ කරන ලදි. ඉතිරිවූ නටඹුන් සමතලා කර නඟුලින් සීසා එහි ධාන්‍ය වපුරා නගරය මකාදමන ලදි. සියයට අසූවක් කාතේජියානුවෝ මියගිය හා ඉතිරිය වහලුන් බවට පත්වූ මෙම සටන රෝමානුවන්ගේ කෲර භාවයේ එක් උදාහරණයකි.
මෙසේ තෙවන පියුනික් යුද්ධය හමාර විනි.