රෝමයේ දෙවන පියුනික් යුද්ධය
 

ස්පාඤ්ඤයේ බලය පැවතුනේ කාතේජියන් වරුන්ටය. හැනිබාල් බර්කා නම් ශුර කාර්තේජියානු හමුදා නායකයකු හමුදාවක් ගොඩනගා ස්පාඤඤයේ සිට ඇල්ප්ස් කඳු වැටිය හරහා ඉතාලියට පැමිණ ගෝල හමුදා සමග එකතුව දෙවන පියුනික් යුද්ධය කළේය. ඔහු විවිධ අවස්ථාවලදී රෝමානුවන්ට මහත් පරාජයන් අත්කර දුන්නේය. වසර 15 ගත වන තුරුම පැවති යුදයේදී රෝමානුවන් සම්පුර්ණයෙන් පරාජය කිරීමට හැනිබාල්ට බර්කාට නොහැකි විය.

පසුව මාර්සිලස් නගරයට ගොඩ බෑ රෝමානුවෝ හැනිබාල්ගේ ස්පාඤ්ඤ සන්නිවේදන සහ සැපයුම් කපා හැරියහ. ඒ අතරම හැනිබාල්ට කාතේජියානු නගරයක සිදුවූ කැරැල්ලක් මැඩ පැවැත්වීමට අප්‍රිකාවට යාමට සිදුවිය. රෝමානුවෝ හැනිබාල් සොයා අප්‍රිකාවට ගොස් සාමා හිදී ක්‍රි.පූ. 202 දී ඔහු පරාජය කළහ. ඉන් පසුව කාතේජ් නගරය රෝමානුවන්ට යටත් වූ අතර ස්පාඤ්ඤයද, තම නෞකා හමුදාවද ඔවුනට නතු කළහ.


රෝමානුවන්ට විශාල මුදලක් ගෙවීමටද හා හැනිබාල් රෝමානුවන්ට භාරදීමටද පොරොන්දු විය. පසුව හැනිබාල් ආසියාවට පලාගිය අතර තම කෲර සතුරන්ට අසූවේ යයි සිතූ ඔහු වස පානය කර දිවි නසා ගත්තේය.

(c) Shilpa Sayura Foundation 2006-2017