මේ කාලයේ අශෝක රජු බලය පැමීණ සිටි අතර ෂී -හ්වැංග්-ටායි ළදරුවකුව සිටියේය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ කෞතුකාගාරයේද හොඳින් වැඩ කෙරිණි. බාබේරියානු ගෝල්වරු මධ්‍යම ආසියාවට ගොස් සිටි අතර කප්පම් ගැනීමටද හුරුවූහ. වසර 150 ක් පමණ ස්පාඤ්ඤයේ, ඉතාලියේ, උතුරු අප්‍රිකාවේ, හා බටහිර මධ්‍යධරණීයේ ආර්ය බස කතා කරන සිමැටික් ජනයා අත බලය තිබුණු අතර අළුතින් නැග එන ලතින් බස කතා කරන රෝමය කැපී පෙනුණි.
රෝමයේ හා කාතේජ් අතර වියවුල් ඇතිවූයේ ක්‍රී. පූ. 264 දීය. පියුනික් යුද්ධ ආරම්භ වූයේ මෙසිනාවේ මුහුදු කොල්ල කරුවන්ට විරුද්ධව උවද එය සිසිලියේ බලය සඳහා වූ සටනක් බවට පරිවර්ථනය වීය. මෙහිදී අති විශාල නෞකා බලයක් තිබූ කාතගිනියානුවෝ රෝමානුවන්ට අභියෝගයක් විණි.
රෝමානුවන්ට නාවික දැනුම නොතිබූ හෙයින් ඔවුන් ග්‍රීක නාවුකයන් යොදාගෙන නව නැවු හමුදාවක් ගොඩනැගූහ. පිලිපි මැසිඩෝනියානු හමුදාව නවීකරණය කළාක් මෙන් රෝමානුවෝ වඩා වේගවත් ශක්තිමත් හා යුද නැවූ තැනූ අතර සතුරු නෞකා යකඩ උල් වලින් හා කොකු වලින් අමුණාගෙන එයට පැන විනාශ කරන උපක්‍රම ආදිය ප්‍රථම වරට දියුණු කළහ. අනික් නෞකාවේ හබල් වල තම නෞකාව හප්පා අඩපණ කරන කාතේජියානු යුද ක්‍රමය නව රෝමානු ක්‍රමයට පැරදිණි.
රෝමානු යකඩ උල් වලින් කාතේජියානු නැවි සිදුරු වූ අතර, රෝමානු නැවියෝ කාතේජියානු නැවි වලට පැන නාවුකයෝ කඩු ගෑහ. ක්‍රි.පු. 260 මයිලේ හා ක්‍රී.පු. 256 ඉකොනමුස් හි කළ සටන්වලින් පසු කාතේජියානුවෝ අන්ත පරාජයක් ලැබූහ.
පසුව කළ සටන් වරෙක රෝමයද වරෙක කාතේජයද ජය ලැබුවද පැලමෝහිදී කල ගොඩ බිම් සටනින් හා ඇගාතියන්හි මුහුදු සටනින් පසුව සාමය ඉල්ලා සිටි කාතේජය සිසිලිය රෝමයට පවරා දුනි.
ගෝල්වරු නැවත රෝමයට පහර දුන් අතර ඒවා මැඬ පැවැත්වූ රෝමයට ක්‍රී.පූ. 218 දී ගෝල් හමුදා සමග එකතු වූ ස්පාඤඤ හමුදාවකට මුහුන දීමට සිදුවිය.