පෙර අපරදිග බොහෝ රටවල් සමඟ රෝමය වෙළඳ සම්බන්ධතා පවත්වාගෙන ගියේය. මධ්‍යධරණී ප්‍රදේශයේ රටවල් සමඟ මෙන්ම ලංකාව, ඉන්දියාව, චීනය වැනි රටවල් සමඟ ද වෙළඳ සම්බන්ධතා පවත්වාගෙන ගියහ.
ලංකාවට පැමිණි රෝම වෙළෙඳුන් මෙහිදී භාවිතා කොට ඇත්තේ සොලිඩුස් නමැති රෝම කාසියයි. භාතිකාභය රජතුමාගේ කාලයේ රුවන්වැලිසෑය අලංකාර කිරීම සඳහා ක්ලෝඩියන් රජුවෙත දූතයන් යවා රෝමයෙන් පබළු ගෙන්වූ බව මහාවංසයෙහි සඳහන්ය. එමෙන්ම ලංකාවෙන් මුතු, මැණික් සහ කුළුබඩු රෝමයට ගෙන ගොස් ඇත.