මුල් යුගයේ රෝමයේ පැවතියේ බහුදේව වාදයකි. මිසරයේ පැවති 'අයිසීස්' නම් දේව ඇදහිල්ල ද, අව්ව, වැස්ස ආදි ස්වභාවික බලවේග දේවත්වයෙහි ලා සැලකුහ. මේවාට ප්‍රතිමා නිර්මාණයකට දේවත්වය ආරූඨ කරන ලදී.
'ජුපිටර්' සහ 'මිනර්වා' මෙසේ ඇදහූ දෙවිවරු වෙති. මෙකල පලස්තීනයේ යුදෙව්වරු ඒක දේවවාදී යුදෙව් ආගම ගොඩනැගීය. ක්‍රිස්තුස්වහන්සේ පහළවීමෙන් පසු එතුමා යුදෙව්වරුන්ගේ ගැළවුම්කරුවාණන් විය. ක්‍රිස්තුස්වහන්සේ ගේ දේශනා විශ්වාස නොකළ යුදෙව්වන් ද විය. ඔවුන් එතුමා කුරුසියේ තබා ඇණගසා මරා දමන ලදී. එතුමාගේ අභාවයෙන් පසුව ක්‍රිස්තු ධර්මය ලොව පුරා පැතිරිණි.
ඒක දේවවාදි ධර්මයක් වු ක්‍රිස්තුධර්මය රෝම අධිරාජ්‍යයට ද ක්‍රමයෙන් ව්‍යාප්ත විය. මුලදී පාලකයන් එය මර්දනය කිරීමට තැත්කළ නමුත් අසාර්ථක විය. ක්‍රිස්තියානි ධර්මයෙහි උගන්වන සමානාත්මතාවය සහ එමගින් පීඩිත ජනකොටස් වලට ලැබුණු සහනය මෙන්ම කිතුණු දහමෙහි වු සංවිධානාත්මක බව නිසා එය රෝමයෙහි පැතුරිණි. පසුකලෙක රෝම අධිරාජ්‍යයෙකු වු මහා කොන්ස්ටන්ටයින් කිතුදහම රෝමයෙහි ව්‍යාප්ත කිරීමට අනුග්‍රහය දක්වා තිබේ.
මෙතුමා ද ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තේය. ඉන්පසු රෝම අධිරාජයෙකු වු තියොඩොයිසියස් ගේ කාලයේ රෝමය ක්‍රිස්තියානි අධිරාජ්‍යයක් වු අතර ක්‍රිස්තු උත්පත්තිය පදනම් කරගෙන ක්‍රි.ව. අනුව දින ගණන් ගැනීමේ ආරම්භ විය.