ඔගස්ටස් සීසර්ගේ රාජ්‍ය කාලයේ රෝම ගෘහ නිර්මාණ, මූර්ති සහ කැටයම් කලාව ලොව පුරා ප්‍රචලිත විය. මෙම කැටයම් ෛෙශලිය බැරොක් ශෛලිය ලෙස හඳුන්වයි. ග්‍රීසිය රෝම අධිරාජ්‍යයට ඈඳාගත් පසු ග්‍රීක කලාශිල්ප වල බලපෑම රෝම සංස්කෘතිය තුළ දක්නට ඇත. නමුත් රෝම ප්‍රතිමා ආදියේ ඇති ජීවමාන ස්වරූපය නිසා මූර්ති කලාවේ විශේෂ තැනක් රෝමවරුන්ට හිමිවේ.
ලෝකඩ රූප වාත්තු කිරීමට ද ඔවුහු දක්ෂයෝ වූහ. මේ අනුව ජූලියස් සීසර් උඩුකය සහ ඔගස්ටස් සීසර් වෙනුවෙන් ලෝකඩ හිසක් ද ඔවුහු ලෝකඩවලින් නිමවා ඇත.