ඔගස්ටස් සීසර්
 

ජූලියස් සීසර්ගෙන් පසු ඔගස්ටස් සීසර් නම් ඔහුගේ බෑණා රජවිය. රෝම අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සලකන්නේ මෙකලය. මොහු වසර 75 පමණ රෝමය පාලනය කරන ලදී. රෝම සංස්කෘතිය ලොව පුරා පැතිර ගියේ මොහුගේ කාලවකවානුවේදීය. මුළු ලෝකයේම පාලකයා ලෙස ඔගස්ටස් සීසර් හඳුන්වා ඇත. රෝම අධිරාජ්‍යය එක්සත් කිරීමට පරිපාලන වෙනස්කම් රැසක් ඇතිකරන ලදී. මෙකල රෝම වැසියන් රාජ්‍යය තුළ ප්‍රමුඛත්වයට පත්විය.

රටේ පාලනය ගෙනයාමට සෙනෙට් නමින් මණ්ඩලයක් ඇතිකරන ලදී. පලස්තීනයේ බෙත්ලෙහෙම් නම් නුවර ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවේ ඔගස්ටස් සීසර්ගේ පාලන සමයේදීය. ඔගස්ටස්ගේ කාලයේ විවිධ කාසි වර්ග නිකුත් කළේය. මේවායේ විවිධ පණිවුඩ ලියා තිබිණි.


(c) Shilpa Sayura Foundation 2006-2017