ද හා නම් නිපාත යොදා වාක්‍ය සංයෝජනය
 

'ද' 'නම්' නිපාත යොදා ගනිමින්ද වාක්‍ය සංයෝජනය කළ හැක.

තාත්තා ගමට යයි.
අපද ගමට යා යුත්තාහ.
තාත්තා ගමට යයි නම් අපද එහි යා යුත්තාහ.

යමෙක්‌ නරක වැඩකරයි.
හේ මරණින් මතු නිරයට යයි.
යමෙක්‌ නරක වැඩකරයි ද හේ මරණින් මතු නිරයට යයි.

සිසුවා පාඩම් කරයි.
සිසුවා මහන්සි වී වැඩ කරයි.
සිසුවා විභාගයෙන් සමත් වේ.

සිසුවා පාඩම් කරයි ද මහන්සි වී වැඩ කරයිද හේ විභාගයෙන් සමත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017