ජූලියස් සීසර්
 

ජූලියස් සීසර් රෝමයේ සිටි දක්‍ෂ යුධ සෙනෙවියෙකි. ඔහුගේ නායකත්වය යටතේ රෝමයට ඊජිප්තුව දිනාගත හැකිවිය.

ජූලියස් සීසර් තම රෝම අධිරාජ්‍යය මිසරය දක්වා ව්‍යාප්ත කළ කාලයේ මිසර අධිරාජණීය වූයේ ක්ලියෝපැට්රාය.

මිසර රැජිණිය සමඟ විවාහ වූ ජූලියස් සීසර්ට දාව ක්ලියෝ පැට්රාට දරුවෙකුද ඉපදුණි. මිසර ජනතාව රජවරුන් ඇදහූවේ දෙවියන් යන විශ්වාසය ඇතිවය. මේ අනුව මිසර ජනතාව සීසර්ට දෙවියකුට මෙන් සැලකූහ. ඔවුන් රෝමයේ යටත් වැසියන් නොව තම දෙවියන් සතු රට ලෙස රෝමය සැලකුවෝය. පෙරළා රෝමයට පැමිණි විට සීසර්ගේ හිතවතුන් ඔහුට රජකුට මෙන් සැලකීමට පටන් ගති.


 

මේ ගැන නොසතුටට පත් සෙනේට් සභිකයෝ සීසර්ට විරුද්ධව වූහ.  මෙසේ සීසර්ගේ ඒකාධිපතිත්වයක් දැරීමට අකමැති වු බෲටස් සහ කැසියස් වැනි ඔහුගේ සෙනෙට් සභිකයන් ගේ කුමන්ත්‍රණයකින් ක්‍රි.පූ. 44 දී ජූලියස් සීසර් මරා දැමිණි.


 

(c) Shilpa Sayura Foundation 2006-2017