රෝමයේ වර්ධනය
 

ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍ය බිඳවැටීමේදී ඔහුගේ නෑයකු වූ පයිරස් (Pyrrhus) මැසිඩෝනුයාවේ ඉපිරස් නගරයේ පාලකයා වීය. ඔහු අද්‍රියාතික් මුහුදේ සිට ඉතාලියේ දකුණු කෙළවර දක්වා පාලනය කළේය. ඔහු මැග්න ගාර්සියාවේ හා සිසිලියේ ආරක්‍ෂකයා මෙන් පෙනී සිටි අතර ඔහුට කාර්යක්‍ෂම හා ශූර හමුදාවක්ද විය. එහි ඇලෙක්සැන්ඩර්ගේ මැසිඩෝනියාවේ අශ්වාරෝහක හමුදා, පාබල හමුදාවක්ද, ඉන්දියාවෙන් ගෙන ආ සටන් කරන අලි 20ක්ද සිටිහය.

මේ අනුව ඔහු ඉතාලිය ආක්‍රමණය කිරීමට පටන් ගත් අතර ක්‍රී.පූ. 280 දී හරාක්ලියාහිදී හා ඔසිකුලම් හිදී රෝමානුවන් සමග දරුණු සටන් ඇතිකර ගත්තේය. රෝමානුවෝ උතුරට පලවා හැරි සයිරස් දකුණේ පිහිටි සිසිලිය ආක්‍රමණය කළේය.

එහිදී කාතේග් නම් අති විශාල ෆිනීසියන් වෙළද නගරයේ නාවුක හමුදා පයිරස්ට අභියෝග කළ අතර රෝමානුවෝද පෙරළා උතුරින් පහර දෙන්නට පටන් ගත්හ. ඒ අතරම ගෝල් වරු බලකොටු වැටකින් ආරක්‍ෂා කර තිබූ රෝමය වෙනුවට ඉන් එහායින් දකුණේ පිහිටි මැසිඩෝනියාව හා ඉපිරස් රාජ්‍යද මංකොල්ල කන්නට පටන් ගති.




තම රාජ්‍යයේ තෙකොණ ගිනිගනිද්දී ඉපිරස් නගරය ආරක්‍ෂා කිරීමට පයිරස් ක්‍රී.පූ 275 දී ආපසු මැසිඩෝනියාවට ගිය අතර රෝම බලය මෙසිනා සමුද්‍ර සන්ධිය තෙක් විහිදුනි. එකල්හිම සිසිලි පැත්තේ තිබූ මෙසිනා නම් කාර්තේගිනියානුවන් වාසය කල ග්‍රීක නගරය මුහුදු කොල්ලකාරයන් විසින් අල්ලා ගන ඔවුන් සිරකරුනු ලැබූවහ.

 

මෙහිදී රෝමය ඔවුන්ගේ සහයට පැමිණි අතර නැගී එන නව යුදබලය සහිත රෝමානුවෝත් වෙළඳාමේ ශූර වූ කාර්තේගිනියානුවන්ද එකිනෙකාට නොගැලපුන අතර තරඟකාරයෝ ලෙස පෙනෙන ලදි.



(c) Shilpa Sayura Foundation 2006-2017