ක්‍රී.පූ හයවන සියවසේදී ලොව පුරා ඇතිවූ බුද්ධි ප්රබෝධය අතර තුර ආරක්ෂාව පතා ඉතාලියේ කැලැබද කඳුකරයට ගිය කුඩා සෙමිටික් ගෝත්‍ර පදිංචි වී කුඩා නගර වල ජීවත් වූහ. දකුණු ප්‍රදේශයේ පදිංචිව සිටියේ ග්රීකයන්ය. ඒජියන් වරුන්ගෙන් පැවතගෙන ආ යැයි සැළකෙන ආර්ය නොවන එත්රුසිකන් (Etruscans) ඉතාලි අර්ධද්වීපයේ මැද පෙදෙසේ පාලනය ගෙන ගිය අතර කඳුකටයේ ආර්ය ගෝත්‍රිකයන් යටත් කර ගැනීමේ යෙදුනහ.
රෝමය මේ වනවිට ටයිබර් නම් ගංගාව අසල ලතින් බස කතාකරන එත්රුසිකන් රජුන් යටතේ වූ කුඩා වෙළඳ නගරයක්ව තිබිණි. ඉතිහාසඥයින්ට අනුව රෝමය ක්‍රී.පූ 753 B.C. කාලයේදී පිහිටුවී ඇත. එනම් ප්‍රථම ඔලිම්පික් උළෙලට වසර 23 කට පසුවය. සමහරුන් එය ඊටත් වඩා පැරණියයි කියන්නේ කැණීම් වලින් ඊට වඩා පැරණි එත්රුසිකන් මිහදන් ගෙවල් එහි හමුවී ඇත් බැවිණි.
ක්‍රි.පූ 510 දී එත්රුසිකන් රජවරු එලවා දැමූ ඉහල වංශයේ පැට්රිකන් පවුල් විසින් රෝමයේ බලය ලබා ගත්හ. ඔවුන් සාමාන්‍ය ජනතාව වූ ප්ලෙබියානුවන් අභිභවනය කළ අතර පොදුවේ ලතින් බස කථා කළහ.
ප්ලේබියන්වරු තම නිදහස සහ පාලනයේ සහභාගිත්වය පතා මහත් පරිශ්රමයක හා අරගලයක යෙදුනු අතර අවසානයේ වංශාධික පවුල් හා සමස්ථානයක් ගොඩනගා ගත්හ. පැරණි ප්රවේණී අයිතීන් ප්‍රතික්ෂේප කළ ඔවුහු ආගන්තුකයින්ද ඇතලත් වන පරිදි පුරවැසිභාවය පුළුල් කළහ. මේ නිසා රෝමයේ බලය එහි දේශ සීමාවන් පන්නා වැඩුනි.
දිගින් දිගටම එත්රුසිකන් වරුන් හා යුද කළද රෝමයට තමනට සැතපුම් පහක් පහලින් ටයිබර් ගංගාවේ තිබුණු එත්රුසිකන් වරාය අල්ලා ගැනීමටද නොහැකි විය. රෝමයේ වාසනාව උදාවූයේ ක්‍රී.පූ 474 දී ග්‍රීකයින් විසින් එත්රුසිකන් නෞකා බලකාය සිසිලියේ සිරාකුස් හිදී විනාශ කිරීමෙනි.
මේ අතරම නොර්ඩික් ආක්රමණිකයෝ උතුරින් ගෝල් නගරයට ආවිට එත්රුසිකන් වරු රෝමය හා ගෝලය අතර සිරවූහ. පරාජය වූ එත්රුසිකන් වරුන් ගැන ඉන්පසු ඉතිහාසයේ සඳහන් නොවේ. ගෝල් ජාතිකයෝ ක්‍රී.පූ. 390 දී රෝමය ආක්‍රමණය කළද අග නගරය අල්ලාගැනීමට බැරි විය.
ගෝල ආක්‍රමණය නිසා රෝමය එක්සත් වූ අතර එහි බලය මධ්‍යම ඉතාලියද, ආර්නෝ සිට නේපල්ස් නගර දක්වාද විහිදිණි. රෝමයේ නැගීම මැසිඩෝනියාවේ පිලිප් රජුගේ නැගීම හා සමගාමී විය. ඔවුන්ගේ කාලයේ ග්‍රීක අධිරාජ්‍යය බිහිවුණ අතර එය බිඳ වැටෙද්දී රෝමානුවෝ ලෝක ශිෂ්ටාචාරයේ දැන සිටි ජාතියක් විණි.
උතුරින් ගෝල් දේශයද දකුණින් මැග්න ගාර්සියාවේ හා සිසිලියේ ග්‍රීක ජනාවාසද වූ ඉතාලි අර්ධද්වීපයේ රෝම නගරය සුරක්ෂිත කිරීමට ඔවුන්ට සිදුවිය. යුදකාමී ගෝල්වරුන්ගෙන් ආරක්ෂා වීමට බලකොටු පේලියක් තැනූ රෝමානුවෝ එහි මිනිසුන් පදිංචි කළහ.