රෝමය පිහිටා ඇත්තේ මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති ඉතාලි අර්ධද්වීපයේය. උතුරින් ඇල්ප්ස් කඳු වැටියෙනුත්, නැගෙනහිරින් ආද්‍රියාතික් මුහුදිනුත්, බටහිරින් මධ්‍යධරණී මුහුදෙනුත් මායිම්වන ඉතාලියානු අර්ධද්වීපයේ ඇල්ප්ස් කඳුවැටියේ සිට දකුණු දිශාවට විහිදෙන ඇපිනයින් නම් කඳු වැටියෙන් ඉතාලි අර්ධද්වීපය කොටස් දෙකකට වෙන්වේ.
මෙම ඇපනයින් වැටිය වඩාත් නැගෙනහිරට බරව විහිදෙන නිසා ඉතාලි අර්ධද්වීපයේ බෑවුම් සහිත කොටස බටහිර දෙසට වන්නට පිහිටා ඇත. එනිසා ටයිබර් වැනි ගංඟා නැගෙනහිර සිට බටහිරට ගලාබසී. ටයිබර් ගඟේ මුවදොර සිට රට අභ්‍යන්තරයට වන්නට රෝමය පිහිටා ඇත. ටයිබර් ගංඟාව ඔස්සේ රෝමය දක්වා නැව් ගමනාගමනය කළහැකි නිසා වැදගත් නැව්තොටක් ලෙස ද රෝමය ප්‍රසිද්ධ වීය.
රෝමය ක්‍රි.පූ. 4 සියවසේ දී රොමියුලස් සහ රිමස් යන සොහොයුරන් දෙදෙන විසින් ඉදිකළ නගරයක් ලෙස සැලකේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලතින් භාෂාව කතාකළ ගෝත්‍ර කිහිපයකින් මෙම රෝමානු රාජ්‍යය බිහිවිය. පොදු ආරක්ෂාව පතා රෝමය තමා අවට ඇති ලතින් රාජ්‍යය සියල්ල තමා යටතට පවරා ගත්තේය.
නිරතුරුව ගෝත්‍රික සටන් වලින් යුතු වුවද සියල්ල ජයගනිමින් රෝම අධිරාජ්‍යය පතුරුවා ලීමට ඔවුන්ට හැකිවිය. රෝම අධිරාජ්‍යයේ බලවත්කම කැපී පෙනෙන්නේ උතුරු අප්‍රිකාවෙහි තිබූ කාතේජ් නම් අධිරාජ්‍යයට විරුද්ධව එල්ල කරන ලද ප්‍රහාරයෙන්ය. මේවා පියුනික් යුද්ධ නමින් හැදින්වේ. කෙසේ හෝ කාතේජය පරාජය කළ රෝමය එහි පාලනය ද ලබාගත්තේය.
මහා ඇලෙක්සැන්ඩර් රජුගෙන් පසු ග්‍රීසියේ ඇතිවූ දේශපාලන වියවුල් නිසා එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් රෝමවරු ග්‍රීසියට අයත් වැඩි ප්‍රදේශ කොටසක බලය ලබාගත්තේය. ඉන්පසු ඊජිප්තුව, ජේරුසලම ආදි දකුණු ප්‍රදේශවල සිය බලය පතුරුවා හැරියේය. ජූලියස් සීසර් නැමැති පාලකයාගේ අවධියේ ජර්මනිය, ප්‍රංශය ආදි ප්‍රදේශ ද ඉන්පසු තවදුරටත් මධ්‍යම බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤ ආදි ප්‍රදේශවලට ද රෝම අධිරාජ්‍යය පැතිරුණි. ක්‍රි.ව. 2 සියවස වනවිට ජූලියස් සීසර් සහ ඔහුගේ බෑණා වු ඔගස්ටස් සීසර් යටතේ විශාල රෝම අධිරාජ්‍යයකට හිමිකම් කීමට ඔවුන්ට හැකිවිය.